
(සුජිත් හේවාජුලිගේ )
පළාත් පාලන මැතිවරණය කඩිනමින් පැවැත්වීමෙන් පළාත් පාලන අපේක්ෂකයන්ගේ ගැටලුව විසඳෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාට දැනුම්දි ඇත.
පළාත් සභා මැතිවරණය පැරැණි පැවති ක්‍රමය හෝ අලුතින් සීමා නිර්ණය කර ඇති ක්‍රමය යන එක් ක්‍රමයකට පැවැත්විය හැකි බවද කොමිසම අගමැතිවරයාට පෙන්වාදී ඇත.
පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ඇති බාධා සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ නියෝජිතයන් සහ අගමැතිවරයා අතර හමුවක් ඊයේ පවත්වා ඇත. අගමැතිවරයාට මේ කරුණු පෙන්වාදී ඇත්තේ එම සාකච්ඡාවේදීය.
පළාත් පාලන මැතිවරණ නීතියට අනිවාර්යයෙන්ම සංශෝධනයක් එක් කළ යුතු බවද කොමිසම පෙන්වාදී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය යන විදියට යන්න දෙන්න. බොරුවට සල්ලි වියදම් කරන්න එපා. ඔවුන් හිටියත් කරන්නේ විවිධාකාරයෙන් ගසා කන එක තමයි. හිටියයි නොහිටියයි කියලා කිසිම වෙනසක් නැහැ. අද හෙට නොවෙයි, කවදාවත් ඔය ඡන්දය එපා. පළාත් සභාවත් එපා. ජනාධිපති විතරක් හිටියාම ඇති. පාර්ලිමේන්තුවත් සංඛ්‍යාව අඩුකරලා කැබිනට් එකත් පුළුවන් තරම් අඩු කරන්න. ඔය අමාත්‍යාංශත් අඩු කරන්න. වාහන වලට වැයකරන සියලු මුදල් අඩු කරන්න. මේවා නිසා තමයි අපට මෙහෙම වුනේ. දැන් මොවුන්ට කොහොම හරි ඕනෑ බලය. මාලුවාට වතුර නැතිව ඉන්න බැහැ වගේ තමයි. මොවුන්ට බලේ නැතිව ඉන්න බැහැ...
පොඩ්ඩක් පිං ජනපතිගෙන් අහලා කියනවාද සාගල විතරක් හිටියොත් ඇතිද කියලා...
විධායක ජනපති ධූරය තමයි ලොකුම හෙනේ. ඕක ගෙනාවේ දැන් ඉන්න පිං ජනපතිගේ මාමා හැමදාම බලේ ඉන්න. ඒත් කරුමෙට බෑණාට පින නැති වුණා නම්බු තියාගෙන පුටුවට එන්න. කොහොමත් බලේ තිබ්බ කාලේ කරපු අපරාධවල හැටියට කවදාවත් ඡන්දෙකින් එන්න බෑ...