Janashakthi Life 2026 වසරට ලංකාවේ විශිෂ්ටතම සේවා ස්ථාන 50 අතරට
JXG හි ප්‍රමුඛතම ජීවිත රක්ෂණ සමාගම වන Janashakthi Life සමාගම, Great Place To Work™ Sri Lanka විසින් 2026 වසර සඳහා තෝරාගත් ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම සේවා ස්ථාන 50 අතරට නම් කර තිබේ. මෙම ලැයිස්තුවට මහා පරිමාණ සමාගම් 17ක්, මධ්‍යම පරිමාණ සමාගම් 13 ක්, කුඩා පරිමාණ සමාගම් 10 ක් සහ ඉතා කුඩා පරිමාණ සමාගම් 10 ක් ඇතුළත් වන අතර, සේවකයන් 251 ත් 500 ත් අතර සංඛ්‍යාවක් සිටින සමාගම් ඇතුළත් මධ්‍යම පරිමාණ කාණ්ඩය යටතේ Janashakthi Life සමාගමට මෙම ඇගයුම හිමි විය.