කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත


අම්බලන්ගොඩ මෙඩිහෙල්ප් පෞද්ගලික රෝහල නොමිලයේ සංවිධානය කරනු ලබන ජංගම වෛද්‍ය සායනයක් අෂ්ඨ මහා විහාරාධිපති කිරම දේවින්ද හිමියන්ගේ අනුශාසකත්වයෙන් හෙට (20) පෙරවරුවේදී අහුන්ගල්ල පතිරාජ පෙදෙස පතිරාජයාරාම විහාරස්ථානයේදී පැවැත්වේ.

මේ අවස්ථාවට අම්බලන්ගොඩ මෙඩිහෙල්ප් පෞද්ගලික රෝහලේ කළමනාකරු ක්‍රිෂාන්ත ජයසිංහ මහතා සහ එම රෝහලේ වෛද්‍යවරුන්, හෙදහෙදියන් ඇතුළු කාර්‍ය මණ්ඩලය සහභාගී වෙති.
එහිදී අහුන්ගල්ල හා ඒ අවට ජනතාවට බෝනොවන රෝග වැළඳී තිබේද යන්න සොයා බැලීමට රුධිර පරීක්ෂාව අක්ෂි ආබාධවලින් පෙළෙන අය හඳුනාගැනීමේ පරීක්ෂා ඇතුළුව සෞබ්‍ය කාර්‍ය රැසක් සිදු කරනු ලබයි.