
ශ්රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් සිදු කරන මීළඟ මුදල් ප්රතිපත්ති විවරණය ලබන නොවැම්බර් 19 වැනිදා සිදු කරන බවත්, එහිදී ලබාගන්නා මුදල් ප්රතිපත්ති තීරණය ලබන 20 වැනිදා පෙරවරුවේදී දැනුම් දෙන බවත් මහ බැංකුව පවසයි.
මෙය 2026 වසර සඳහා සිදු කරන 06 වැනි මුදල් ප්රතිපත්ති තීරණ දැනුම් දීමද වෙයි.
මෙම තීරණය යටතේ දැනට සියයට 8.75ක් ලෙස පවතින මහ බැංකුවේ එක්දින ප්රතිපත්ති පොලී අනුපාතිකය එම මට්ටමේම පවත්වා ගැනීම හෝ පහත වැටීමක් හෝ ඉහළ දැමීමක් සිදුවීමට නියමිතව තිබේ. විශේෂයෙන්ම ආසන්න මාස කිහිපයේදී සියයට 8ක් දක්වා ඉහළ ගිය උද්ධමනයත් සමගින් එය පාලනය සඳහා මෙවර තීරණයේදී එම අනුපාතිකය ඉහළ යනු ඇතැයි බොහෝ දෙනාගේ අදහස වී තිබේ.
මැදපෙරදිග යුද ගැටුම් හේතුවෙන් ඉහළ ගිය බලශක්ති මිල ගණන් මෙම උද්ධමනයට හේතු විය.
කෙසේ වෙතත් ආසන්න සති දෙකේදී බලශක්ති මිල ගණන් පහත වැටෙමින් පවතින නමුත්, මෙරට වෙළෙඳපොළේ මිල ගණන් වෙත එහි වාසිය මෙතෙක් නොලැබීම හේතුවෙන් උද්ධමනය තවදුරටත් ඉහළ අගයක පවතී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd