නොවැම්බර් 20 වන දින සිට 23 වන දින දක්වා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH)  පැවැත්වීමට නියමිත 2026 කොළඹ මෝටර් රථ ප්‍රදර්ශනය (Colombo Motor Show 2026)  සඳහා සහභාගී වෙමින්, පහසුවෙන් මිලදී ගත හැකි වාහන මූල්‍යකරණ පහසුකම් සැපයීම සහ ව්‍යවසායකත්ව සවිබල ගැන්වීම වෙනුවෙන් වන සිය කැපවීම තවදුරටත් ශක්තිමත් කිරීමට SDB  බැංකුව සූදානමින් සිටී.

දෛනික ගමනාගමන අවශ්‍යතා, ස්වයං රැකියා සහ කුඩා පරිමාණ ව්‍යාපාරික (SME)  ක්‍රියාකාරකම් සඳහා එම රථවාහන ලබා දෙන සුවිශේෂී දායකත්වය හඳුනා ගනිමින්, යතුරු පැදි සහ ත්‍රිරෝද රථ සඳහා වන ලීසිං විසඳුම් කෙරෙහි බැංකුව මෙහිදී විශේෂ අවධානයක් යොමු කරනු ඇත.

මෑත වසරවලදී ක්ෂේත්‍රයේ ප්‍රදර්ශන රැසක් තුළ සිය ශක්තිමත් සන්නාම පැවැත්ම තහවුරු කර ගනිමින්, වාහන හිමිකාරිත්ව විසඳුම් අපේක්ෂා කරන පුද්ගලයන් සහ ව්‍යාපාර සඳහා ප්‍රමුඛතම මූල්‍ය හවුල්කරුවකු ලෙස සිය ස්ථාවරය තවදුරටත් ශක්තිමත් කිරීම SDB බැංකුවේ අරමුණයි. මෙවර ප්‍රදර්ශනයේදී, බැංකු ක්ෂේත්‍රයේ යතුරු පැදි සහ ත්‍රිරෝද රථ සඳහාම වෙන් වූ විශේෂිත ලීසිං සේවා සපයන්නා ලෙස තමන් සතු සුවිශේෂී ස්ථානය කෙරෙහි බැංකුව අවධානය යොමු කරන අතර, ඊට සමගාමීව පෞද්ගලික වාහන, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය (SME)  සහ අනෙකුත් ගනුදෙනුකාර කාණ්ඩ සඳහා ද මූල්‍ය පහසුකම් පිරිනමනු ඇත.

F4 සහ F5 ප්‍රදර්ශන කුටි වෙත පැමිණෙන අමුත්තන්ට SDB  බැංකුවේ ලීසිං පහසුකම් පිළිබඳව පුළුල් ලෙස තොරතුරු දැන ගැනීමටත්, තම අවශ්‍යතාවලට ගැළපෙන පුද්ගලාරෝපිත මූල්‍ය මගපෙන්වීමක් මෙන්ම ප්‍රදර්ශන භූමියේදීම පහසුවෙන් උපදේශන සේවා මෙන්ම වාහන මිල දී ගැනීමටත් අවස්ථාව හිමි වේ. තරගකාරී ලීසිං අනුපාත සහ සුදුසුකම් හා අදාළ ලියකියවිලි සපුරාලීමට යටත්ව පැයක් ඇතුළත අනුමැතිය ලබා දීමේ පහසුකම හරහා, වාහන මිලදී ගැනීමට අපේක්ෂා කරන ගනුදෙනුකරුවන් වෙනුවෙන් මූල්‍යකරණ ක්‍රියාවලිය වඩාත් සරල කිරීම බැංකුවේ අරමුණයි.

මෙම වැඩපිළිවෙළ පිළිබඳව අදහස් දක්වමින් SDB  බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී මනෝජ් අක්මීමන මහතා මෙසේ පැවසීය.

”‍විශ්වාසනීය ප්‍රවාහන පහසුකම් සඳහා ඇති ප්‍රවේශයෙන් සාමාන්‍ය ජනතාවට මෙන්ම ව්‍යවසායකයන්ට ද අර්ථවත් අවස්ථා රැසක් නිර්මාණය කළ හැකි බව අප‍ගේ විශ්වාසයයි. 

කොළඹ මෝටර් රථ ප්‍රදර්ශනයට සහභාගී වීමෙන් අප අපේක්ෂා කරන්නේ, අපගේ ගනුදෙනුකරුවන්ගේ ආර්ථික ප්‍රගතිය සහ මූල්‍ය ස්වාධීනත්වයට අත්වැලක් වෙමින්, ඔවුන්ගේ අවශ්‍යතාවලට වඩාත් ගැළපෙන, පහසුවෙන් ලබා ගත හැකි වාහන මුල්‍ය පහසුකම් ලබා දීමයි.”‍