LANKAPAK 2026 ඇසුරුම්කරණ කර්මාන්තයේ වර්ධනයට නවෝත්පාදනයට නව වේදිකාවක්
ශ්‍රී ලංකාවේ ඇසුරුම්කරණ කර්මාන්තය මේ වන විට සැලකිය යුතු වෙනස්කම්වලට ලක්වෙමින් පවතින අතර, තිරසාරභාවය, සම්පත් කාර්යක්ෂමතාව, නවෝත්පාදනය, තාක්ෂණය සහ ජාත්‍යන්තර වෙළෙඳපොළ අවශ්‍යතාවලට අනුකූල වීම සම්බන්ධයෙන් අවශ්‍යතා සපුරාලීම සඳහා ව්‍යාපාරවලට වැඩි අවධානයක් යොමු කිරීමට සිදුව තිබේ. මෙම පසුබිම තුළ ලංකාවේ ප්‍රමුඛතම ජාත්‍යන්තර ඇසුරුම්කරණ ප්‍රදර්ශනය වන LANKAPAK 2026, 2026 ඔක්තෝබර් 23 සිට 25 දක්වා කොළඹ BMICH හි සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන ශාලාවේදී