
- කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට අවශ්‍ය තාක්ෂණික පහසුකම් ලබා දීම මේ මධ්‍යස්ථානය විවෘත කිරීමේ ප්‍රධාන අරමුණයි
- පළමු අදියර යටතේ මෙවැනි මධ්‍යස්ථාන 25ක් දිවයින පුරා
කරන්දෙණිය – එම්. සුසිල් ප්‍රියන්ත සහ පිටිගල – ඩී.ජේ. විජේසිංහ
ගාලු දිසාවේ කුරුඳු ඇතුළු අනෙකුත් භෝග ආශ්‍රිතව පවත්වාගෙන යනු ලබන ස්වයංරැකියා වැඩිදියුණු කිරීමේ අරමුණින් විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක ක්ෂුද්‍ර සේවා හා ආධාරක ගාල්ල දිස්ත්‍රික් මධ්‍යස්ථානයක් (mini incubation center) විවෘත කිරීම ඊයේ (16) පෙරවරුවේදී විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.
මේ වැඩසටහන යටතේ ගාල්ල දිස්ත්‍රික්කය වෙනුවෙන් කරන්දෙණිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පිහිටි විදාතා සම්පත් මධ්‍යස්ථාන පරිශ්‍රයේදී මේ මධ්‍යස්ථානය විවෘත කෙරිණ.
කරන්දෙණිය ඇතුළු ගාලු දිසාවේ අවම පහසුම් යටතේ කුරුඳු ආශ්‍රිතව හා අනෙක් භෝග අනුසාරයෙන් සිය ව්‍යාපාර පවත්වාගෙන යන කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට අවශ්‍ය තාක්ෂණික පහසුකම් ලබා දීම මේ මධ්‍යස්ථානය විවෘත කිරීමේ ප්‍රධාන අරමුණ වේ.
පළමු අදියර යටතේ මෙවැනි මධ්‍යස්ථාන 25ක් දිවයින පුරා ආරම්භ කෙරේ.
කුරුඳු ආශ්රිත අගය එක් කළ නිෂ්පාදන, කුරුඳු බිම්වල ආම්ලිකතාව ආදිය ඇසුරුම්කරණය වැනි හා විවිධ ආහාර හා වෙනත් නිෂ්පාදන සඳහා සහාය වීම විවෘත කෙරුණු මේ නවමු මධ්‍යස්ථානය මගින් සිදු කෙරෙන සෙසු කාර්යයන්ය.
මේ අවස්ථාවට ගාලු දිසා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නිශාන්ත පෙරේරා, ටී.කේ. ජයසුන්දර, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය රොෂානි දිසානායක, විදාතා මධ්‍යස්ථාන අධ්යක්ෂ මනෝජ් කරුණාරත්න, ගාල්ල දිස්ත්‍රික් ලේකම් යූ.ජී. චන්ද්‍රලාල් යන මහත්ම, මහත්මීහු ද සහභාගී වූහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd