
මෙරට භාවිතයේ ඇති සක්‍රිය ක්‍රෙඩිට් කාඩ් පත් සඳහා ගෙවීමට ඇති හිඟ මුදලේ වටිනාකම පසුගිය සැප්තැම්බර් මාසය අවසන් වනවිට රුපියල් බිලියන 215.04ක් ලෙස සටහන් වන බව මහ බැංකුව පවසයි. ඒ අනුව මෙය අගෝස්තු මාසයේදී පැවැති රුපියල් බිලියන 213.42 ට සාපේක්ෂව තවත් රුපියල් බිලියන 1.65 ක ඉහළ යාමකි.
මහ බැංකුව නිකුත් කළ ආසන්නතම සතිපතා ආර්ථික දර්ශකය තුල මෙම කරුණු ඇතුළත්ව තිබේ. ඒ අනුව පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී පැවැති රුපියල් බිලියන 186.70 ක ගෙවීමට තිබූ හිඟ මුදල හා සැසඳීමේදී, මෙම වසරේ මුල් මාස නවය තුළදී එම හිඟ මුදල රුපියල් බිලියන 25.34 කින් ඉහළ ගොස් තිබේ.
සැප්තැම්බර් මාසය අවසන් වන විට පැවැති සක්‍රිය කාඩ්පත් 2,319,794ක් සතුව මෙම හිඟ මුදල පැවතී තිබේ. ඒ අතරින් කාඩ්පත් 8,826ක් දේශීයව පිළිගන්නා කාඩ්පත් වන අතර, 2,310,968ක් ගෝලියව පිළිගන්නා කාඩ්පත් විය. මේ අතර පසුගිය වසරේ දෙසැම්බර් මාසය අවසානයේ සිට මේ වසරේ මුල් මාස නවය තුළ අලුතින් නිකුත් වී ඇති ක්‍රෙඩිට් කාඩ්පත් සංඛ්‍යාව 153,608ක් වන බවත් මෙම වාර්තාවේ දැක්වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd