- මූල්‍ය වර්ෂයේ මුල් මාස හයේදී අඛණ්ඩ රුපියල් බිලියන 358 ක ඒකාබද්ධ ආදායමක්
- බදු පෙර ලාබය සියයට 49කින් ඉහළ ගොස් රුපියල් බිලියන 21.31 ක් වෙයි
- බදු පසු ලාබය රුපියල් බිලියන 13.63 ක් දක්වා සියයට 60% කින් ඉහළට
2026 සැප්තැම්බර් 30 වැනිදායින් අවසන් වූ මාස හයක කාලය තුළ හේලීස් පීඑල්සී (Hayleys PLC) සමූහය ශක්තිමත් මූල්‍ය කාර්යසාධනයක් අත්කර ගෙන ඇති අතර, අඛණ්ඩ මෙහෙයුම්වලින් ලද ඒකාබද්ධ ආදායම රුපියල් බිලියන 358 ක් ලෙස වාර්තා කර තිබේ.
මෙය පෙර වසරට සාපේක්ෂව සියයට 33 ක වර්ධනයකි. මෙහිදී ප්‍රධාන අංශවල ශක්තිමත් දායකත්වය පිළිබිඹු කරමින් බදු පෙර ලාබය සියයට 49 කින් ඉහළ ගොස් රුපියල් බිලියන 21.31 ක් විය.
ඒ අනුව කොළඹ කොටස් වෙළෙඳපොළේ වාර්තාකරණ ඉතිහාසයේ පළමු වරට, සමූහය සිය පළමු අර්ධයේ ආදායම ලෙස ඇමෙරිකානු ඩොලර් බිලියන 1 සීමාව ඉක්මවා යාමට සමත් වූ අතර, ලැයිස්තුගත ශ්‍රී ලාංකික සමාගමක් එම කඩඉම පසු කළ පළමු අවස්ථාවද මෙය ලෙස ඉතිහාසයට එක්ව තිබේ.
මෙහිදී සමූහයේ ශක්තිමත් කාර්යසාධනය සඳහා, අපනයන පාදක කරගත් නිෂ්පාදන අංශය, ප්‍රවාහන හා සැපයුම් අංශය සහ පාරිභෝගික හා සිල්ලර වෙළෙඳ අංශවලින් ලැබුණු සැලකිය යුතු දායකත්වය කැපී පෙනෙයි. ඒ අනුව හේලීස් සමූහයේ විවිධාංගීකරණය වූ ව්‍යාපාර කළඹේ ශක්තිය සහ දේශීය හා ජාත්‍යන්තර වෙළෙඳපොළවල ඇති අවස්ථාවලින් ප්‍රයෝජන ගැනීමට ඇති හැකියාව මෙම කාර්යසාධනයෙන් පිළිබිඹු වන බව සමුහය පවසයි.
“විශේෂයෙන්ම අඛණ්ඩ ආර්ථික යථාවත්වීම මත පදනම්ව දේශීය මෙහෙයුම් පරිසරය සමස්තයක් ලෙස ඔරොත්තු දීමේ හැකියාවකින් යුතුව පැවතුණද, ඉහළ යන උද්ධමනය සහ පිරිවැය පීඩනය අභියෝග එල්ල කළේය. එසේම ගෝලීය වශයෙන් භූ-දේශපාලනික අවිනිශ්චිතතා, භාණ්ඩ මිල උච්චාවචන සහ වෙනස් වන වෙළෙඳ ගතිකයන් ව්‍යාපාරික තත්වය කෙරෙහි අඛණ්ඩව බලපෑම් විය. මෙම පසුබිම තුළ, වෙනස් වන මෙහෙයුම් පරිසරයට මුහුණ දීමට සමූහයේ විවිධාංගීකරණය වූ ව්‍යාපාර කළඹ, මෙහෙයුම් කාර්යක්ෂමතාව කෙරෙහි දැක්වූ අවධානය සහ උපායමාර්ගික ආයෝජන මනා සහායක් විය.”
ඒ අනුව සමූහයේ ශක්තිමත් මෙහෙයුම් කාර්යසාධනය පිළිබිඹු කරමින් ඒකාබද්ධ EBITDA (පොලී, බදු, ක්ෂයවීම් සහ ක්රමක්ෂයවීම්වලට පෙර ඉපැයීම්) සියයට 46 කින් පමණ ඉහළ ගොස් රුපියල් බිලියන 39.13 ක් විය. ශුද්ධ මූල්‍ය පිරිවැය ඉහළ ගියද බදු පෙර ලාබය සියයට 49 කින් රුපියල් බිලියන 21.31 දක්වා වර්ධනය වූ අතර, අඛණ්ඩ මෙහෙයුම්වලින් ලද බදු පසු ලාබය සියයට 60 කින් ඉහළ ගොස් රුපියල් බිලියන 13.63 ක් වී තිබේ.
සමූහයේ කාර්යසාධනය පිළිබඳව අදහස් දක්වමින් සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරි මොහාන් පණ්ඩිතගේ මහතා, “ඓතිහාසික ආදායම් සන්ධිස්ථානයක් අත්කර ගැනීම ඇතුළුව අපගේ පළමු අර්ධයේ ශක්තිමත් කාර්යසාධනයෙන් පිළිබිඹු වන්නේ අපගේ උපායමාර්ගික ප්‍රමුඛතා විනයානුකූලව ක්‍රියාත්මක කිරීම සහ දේශීය හා ජාත්‍යන්තර වෙළෙඳපොළවල අපගේ ව්‍යාපාරවල අඛණ්ඩ වර්ධනයයි. අපගේ හැකියා පුළුල් කිරීමට සහ වෙළෙඳපොළ ස්ථාවරත්වය ශක්තිමත් කිරීමට අඛණ්ඩව ආයෝජනය කරන අතරම, වඩාත් ඔරොත්තු දෙන, තරඟකාරී සහ අනාගතයට සූදානම් ව්‍යාපාර කළඹක් ගොඩනැගීම කෙරෙහි අපි අවධානය යොමු කර සිටිනවා.” යනුවෙන් සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd