
- මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ සංචාරක කර්මාන්තයට නව දිශානතියක්
- සංචාරකයන්ට මෙරට තේ කර්මාන්තයේ සුවිශේෂී අත්දැකීම් ලබාදීම මෙහි ප්‍රධාන අරමුණක්
- නව රුකියා සහ ස්වයං රුකියා අවස්ථා නිර්මාණය කිරීමටත් හැකියාව
යක්කලමුල්ල ජේ. කේ. එල්. චාමින්ද
යක්කලමුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාල බලප්‍රදේශයේ පිහිටි කොට්ටව තේ පර්යේෂණ ආයතනය කේන්ද්‍ර කරගත් තේ සංචාරක (Tea Tourism) ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බැව් දකුණු පළාත් ආණ්ඩුකාර කාර්යාලය පවසයි.
යෝජිත තේ සංචාරක ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ හැකියාව සහ ඒ සඳහා අවශ්‍ය පහසුකම් පිළිබඳව සොයා බැලීමේ අරමුණින්, ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංක යූ. ගමගේ මහතා ඇතුළු පිරිසක් කොට්ටව තල්ගම්පල පිහිටි ශ්‍රී ලංකා තේ පර්යේෂණ ආයතනයේ දක්ෂිණ උපදෙස් හා ව්‍යාප්ති මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූහ.
මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංක යූ. ගමගේ මහතා සඳහන් කළේ, මෙම තේ සංචාරක ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ සංචාරක කර්මාන්තය නව දිශානතියකට යොමු කිරීමට හැකියාව ලැබෙන බවයි. ශ්‍රී ලංකාවේ ලෝක ප්‍රකට සීලෝන් ටී (Ceylon Tea) සංචාරක කර්මාන්තය ඒකාබද්ධ කරමින් දෙස් විදෙස් සංචාරකයන්ට මෙරට තේ කර්මාන්තයේ සුවිශේෂී අත්දැකීම් ලබාදීම මෙහි ප්‍රධාන අරමුණක් වන බව ද ඒ මහතා පෙන්වා දුන්නේය.
තේ වතු නැරඹීම, සාම්ප්‍රදායික ක්‍රමයට තේ දලු නෙළීමේ අත්දැකීම් ලබාදීම, තේ කර්මාන්තශාලා නැරඹීම, තේ නිෂ්පාදන ක්‍රියාවලිය පිළිබඳව දැනුවත් කිරීම සහ විවිධ තේ වර්ග රස බැලීම වැනි ක්‍රියාකාරකම් මෙම සංචාරක වැඩසටහනට ඇතුළත් කළ හැකි බව ද ඒ මහතා සඳහන් කළේය.

එමෙන්ම, මෙම ව්‍යාපෘතිය හරහා කුඩා තේ වතු හිමියන්ට අමතර ආදායම් මාර්ග උදාකර දීමටත්, ප්‍රදේශයේ තරුණ ප්‍රජාවට සංචාරක මගපෙන්වීම්, ප්‍රවාහන, ආහාරපාන හා නවාතැන් පහසුකම් සැපයීම ඇතුළු ක්ෂේත්‍ර ඔස්සේ නව රැකියා සහ ස්වයං රැකියා අවස්ථා නිර්මාණය කිරීමටත් හැකියාව ලැබෙනු ඇති බවද මන්ත්‍රීවරයා මෙහිදී සඳහන් කළේය.
තේ අපනයනයට අමතරව සංචාරක සේවා හරහා විදේශ විනිමය උපයා ගැනීමේ අවස්ථා පුළුල් කිරීමත්, තේ වගාව ආශ්රිත ග්‍රාමීය ප්‍රජාවගේ ජීවන තත්වය උසස් කිරීමත් මෙම වැඩපිළිවෙළේ තවත් එක් අරමුණකි.
ඒ අනුව, කොට්ටව තේ පර්යේෂණ ආයතනය කේන්ද්‍ර කරගත් මෙම ව්‍යාපෘතිය ඇතුළු යෝජිත සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ සංචාරක ආකර්ෂණය පුළුල් කරමින් ප්‍රාදේශීය ආර්ථික සංවර්ධනයට නව අවස්ථා නිර්මාණය කිරීම අපේක්ෂා කෙරේ.
මෙම නිරීක්ෂණ චාරිකාවට . දකුණු පළාත් ආණ්ඩුකාරවරයා නියෝජනය කරමින් ආණ්ඩුකාරවරයාගේ පෞද්ගලික ලේකම් සුධර්මන් වෛද්‍යරත්න, දකුණු පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (සැලසුම් හා මෙහෙයුම්) එම්.කේ.ජී.එස්.පී.කේ. ජයසේකර යන මහත්වරු ඇතුළු රාජ්‍ය නිලධාරීහු රැසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd