
ලංකෙම් සිලෝන් පීඑල්සී සමාගමේ ප්‍රමුඛතම තීන්ත සන්නාමය වන රොබියලැක් (Robbialac), ශ්‍රී ලංකා හරිත ගොඩනැගිලි කවුන්සිලය (GBCSL) මගින් සංවිධානය කරන ලද 2026 වාර්ෂික හරිත ගොඩනැගිලි සම්මාන උළෙලේදී සිය Robbialac Interior Emulsion Paint සහ Robbialac Exterior Emulsion Paint නිෂ්පාදන අඛණ්ඩව දෙවැනි වරටත් GREENSL Certified Product ඇගයීමෙන් පිදුම් ලබා ඇත.
විෂේෂයෙන්ම, ශ්‍රී ලංකාවේ ඉදි කිරීම් සහ ගොඩනැගිලි ද්‍රව්‍ය ක්ෂේත්රය තුළ තිරසාරභාවයේ වැදගත්කම ඉහළයමින් පවතින පසුබිමක, මෙම ඇගයීම රොබියලැක් නිෂ්පාදන සතු ගුණාත්මකභාවය සහ වගකීම්සහගත නිෂ්පාදන ක්‍රියාවලිය පිළිබඳ කැපවීම තහවුරු කරන සුවිශේෂී සන්ධිස්ථානයකි.
GREENSL ලේබල් කිරීමේ ක්‍රමය යනු ස්වාධීන, තෙවන පාර්ශවීය සහතික කිරීම් හරහා බහුවිධ පාරිසරික නිර්ණායකයන්ට අනුව නිෂ්පාදන ඇගයීමට ලක් කරන ISO Type I පරිසර ලේබල් කිරීමේ වැඩසටහනකි. මෙම වැඩසටහන මගින් පාරිසරික වශයෙන් වගකීම්සහගත නිෂ්පාදනය දිරිමත් කරන අතර, නිවැරදි නිෂ්පාදන තෝරා ගැනීමට සහාය වෙමින් වඩාත් තිරසාර ඉදිකිරීම් පද්ධතියක් නිර්මාණය කිරීමට දායක වෙයි.
ලංකෙම් සිලෝන් පීඑල්සී සමාගමේ කළමනාකාර අධ්යක්ෂ සුරේන් ගුණවර්ධන මහතා අදහස් දක්වමින්, ‘‘අපගේ Robbialac Interior Emulsion Paint සහ Exterior Emulsion Paint සඳහා GREENSL Certified Product ඇගයීම හිමිවීම පිළිබඳව අපි ආඩම්බර වෙනවා,” යනුවෙන් පැවසීය.
”මෙම ජයග්‍රහණය මගින් අපගේ නිෂ්පාදනවල ගුණාත්මකභාවය, අඛණ්ඩ නවෝත්පාදනය සහ පාරිසරික වගකීම පිළිබඳ කැපවීම තහවුරු වන අතරම, ශ්‍රී ලංකාවේ තිරසාර ඉදිකිරීම් කෙරෙහි ඇති වැඩිවන අවධානයට සහය දක්වමින් අපගේ පාරිභෝගිකයන්ට දීර්ඝකාලීන වටිනාකමක් ගෙනදෙයි.” ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
ශ්‍රී ලංකාවේ තිරසාර ගොඩනැගිලි ඉදිකිරීමේ ක්‍රමවේද සඳහා වන දායකත්වය අගයමින්, වාර්ෂික ග්‍රීන් බිල්ඩින් සම්මාන උළෙල මගින් වගකීම්සහගත ලෙස නිෂ්පාදන තෝරාගැනීමේ වැදගත්කම ඉස්මතු කරයි. මෙම සහතික කිරීම මගින් ශ්‍රී ලාංකේය නිවෙස්වලට මෙන්ම වෘත්තීය තීන්ත ආලේපන ක්ෂේත්රයටද විශ්වාසනීය, ගුණාත්මක තීන්ත විසඳුම් ලබාදීමට රොබියලැක් ඇති කැපවීම නැවතත් තහවුරු කරයි.
ලංකම් සිලෝන් පීඑල්සී යනු තීන්ත, කෘමිනාශක සහ පලිබෝධ පාලනය, කෘෂිකර්මාන්තය, නිෂ්පාදනය, වෙළෙඳාම සහ ඇසුරුම්කරණය යන ක්ෂේත්‍ර ගණනාවක් පුරා විහිදුනු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විවිධාංගීකරණය වූ සමාගම් සමූහයකි.
දශක පහකට වැඩි පළපුරුද්දක් ඇති ලංකම් සමාගම, ජාතික සංවර්ධනය, තිරසාරභාවය සහ පාරිභෝගිකයන් මෙන්ම පාර්ශවකරුවන් සඳහා දිගුකාලීන වටිනාකමක් නිර්මාණය කිරීමට සහාය වන නවෝත්පාදනාත්මක, උසස් තත්වයේ විසඳුම් ලබා දීමට කැපවී සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd