ජාතික ලොතරැයි මණ්ඩලයෙන් ඒකාබද්ධ අරමුදලට රු. මි. 1265 ක්
2025 වසරේ ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි ආදායමෙන් රජයට කරන අතිරේක දායකත්වයක් වශයෙන් රුපියල් මිලියන 750 (750,000,000.00) ක මුදලක් සහ 2025 වසරේ නොවැම්බර් මස ලොතරැයි ආදායමෙන් රුපියල් මිලියන 515 (515,164,431.40) ක මුදලක් ද ඇතුළුව රුපියල් මිලියන 1265 ක මුළු වටිනාකමකින් යුතු මුදලක් රජයේ ඒකාබද්ධ අරමුදලට ප්රදානය කිරීම ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති එම්.ඩී.සී.ඒ. පෙරේරා මහතා අතින් ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර වෙත පිළිගන්වන ලදී.