බැංකු පද්ධතිය හරහා රජයට ලබා දුන් ශුද්ධ ණය ප්‍රමාණය සැප්තැම්බර් මාසයේදී රුපියල් බිලියන 7,652ක් ලෙස සටහන්ව තිබේ. ඒ අනුව මෙය පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී ලබා දුන් රුපියල් බිලියන 8,281 ක ණය හා සැසඳීමේදී රුපියල් බිලියන 628 ක එනම් සියයට 7.7 අඩුවීමකි.  

මෙහිදී මහ බැංකුව හරහා ලබා දුන් ණය වසරින් වසර රුපියල් බිලියන 1,801ක සිට රුපියල් බිලියන 1,403 ක් දක්වා සියයට 22.1 කින් අඩු වී තිබේ. එසේම වාණිජ බැංකු හරහා ලබා දුන් ණය රුපියල් බිලියන 6,480 ක සිට රුපියල් බිලියන 6,249ක් දක්වා සියයට 3.6 කින් අඩු වී තිබේ. 

මේ අතර බැංකු පද්ධතිය හරහා රජයේ සංස්ථාවලට දෙන ලද ණය සැප්තැම්බර් මාසයේදී රුපියල් බිලියන 463ක් ලෙස සටහන්ව ඇත. එය පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී ලබාදුන් රුපියල් බිලියන 609 හා සැසඳීමේදී තවදුරටත් සියයට 24.0ක අඩුවීමකි.