විදෙස්ගත ශ්‍රමිකයන් හරහා මෙම වසරේ ජනවාරි සිට ඔක්තෝබර් දක්වා මුල් මාස නවය තුළ මෙරටට හිමි  වූ ප්‍රේෂණ මුදලේ වටිනාකම එක්සත් ජනපද ඩොලර් මිලියන 7,601ක් ලෙස සටහන්ව තිබේ. ඒ අනුව මෙය 2025 එම කාලසීමාවේදී වාර්තා වූ ඩොලර් මිලියන 6,524 ට සාපේක්ෂව සියයට 16.5ක වර්ධනයකි. 

පසුගිය ඔක්තොබර් මාසයේදී ලැබුණු ඩොලර් මිලියන 735.6ක විදේශ මුදල් ප්‍රේෂණ වටිනාකම් සමගින් මෙලෙස එම අගය වාර්තා වී තිබේ. මෙය 2025 ඔක්තෝබර් මාසයේදී වාර්තා කළ ඩොලර් මිලියන 712 ක ප්‍රේෂණ ආදායම හා සැසඳීමේදී සියයට 3.3 ක වර්ධනයකි. 

මේ අතර රුපියල් වටිනාකම් අනුව මුල් මාස 10දී හිමි වූ ප්‍රේෂණ මුදලේ වටිනාකම රුපියල් බිලියන 2,459ක් වී තිබේ. එය පසුගිය වසරේ හිමි වූ රුපියල් බිලියන 1,955 හා සැසඳීමේදී සියයට 25.8 ක වර්ධනයකි.