- සැප්තැම්බර් මාසය අවසානයේදී පැවැති ඩොලර් මිලියන 6,867 ට සාපේක්ෂව ඩොලර් මිලියන 219 ක එනම් සියයට 3.1 ක වර්ධනයක්
ඔක්තෝබර් මාසය අවසන් වනවිට ශ්‍රී ලංකා මහ බැංකුව සතු සමස්ත නිල විදෙස් මුදල් සංචිතයේ වටිනාකම එක්සත් ජනපද ඩොලර් මිලියන 7,086ක් වන බව පවසයි. ඒ අනුව මෙය සැප්තැම්බර් මාසය අවසානයේදී පැවැති ඩොලර් මිලියන 6,867 ට සාපේක්ෂව ඩොලර් මිලියන 219ක එනම් සියයට 3.1 ක වර්ධනයකි.
මෙහිදී ඔක්තෝබර් මාසය අවසන් වනවිට නිල විදේශ මුදල් සංචිතයේ වටිනාකම එක්සත් ජනපද ඩොලර් මිලියන 6,841ක් වන බව මහ බැංකුව පවසයි. මෙය සැප්තැම්බරයේදී වාර්තා වූ ඩොලර් මිලියන 6,623 ට සාපේක්ෂව ඩොලර් මිලියන 218 ක එනම් සියයට 3.2ක වර්ධනයකි.
මීට අමතරව ඔක්තෝබර් මාසය අවසන් වනවිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සංචිත මට්ටම ඩොලර් මිලියන 4ක් ලෙසත්, විශේෂ ගැනුම් හිමිකම ඩොලර් මිලියන 43ක් ලෙසත්, රන් සංචිතයේ වටිනාකම ඩොලර් මිලියන 198ක් ලෙසත් වන බව මහ බැංකුව වැඩිදුරටත් පවසයි.
මෙම වසර තුළ මෙරට විදෙස් මුදල් සංචිතය ඩොලර් බිලියන 7 ඉක්ම වූ දෙවැනි අවස්ථාවද මෙයයි. පසුගිය පෙබරවාරි මාසයේදී එය ඩොලර් බිලියන 7.2 ක් ලෙස සටහන් විය. වසර අවසානයේදී මෙම සංචිතයේ වටිනාකම ඩොලර් බිලියන 8කට ආසන්න වෙනු ඇතැයි මහ බැංකුව අපේක්ෂා කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd