
නාඋල - ඉන්දික අරුණ කුමාර
වික්‍රමාන්විත සංචාරක අත්දැකීම් ලබමින් බෝවතැන්න ජලාශයේ සුන්දරත්වය විඳගැනීමට දෙස් විදෙස් සංචාරකයන්ට ‘ගෙඩිගේ ඇක්වා ට්‍රේල්’ සංචාරක වැඩසටහන මගින් අවස්ථාව හිමිව තිබේ.
අරංගල කඳුයාය, නාලන්දා ගෙඩිගේ සහ හෙක්ටයාර් 468ක් වන බෝවතැන්න ජලාශයේ සුන්දරත්වය විඳ ගැනීමට මෙමගින් සංචාරකයන්ට අවස්ථාව සැලසේ.
මධ්‍යම පළාත් සංචාරක දෙපාර්තමේන්තුව සහ නාඋල ප්‍රාදේශීය සභාව රුපියල් මිලියන 8.5 ක් ව්‍යාපෘතිය සඳහා ආයෝජනය කර ඇත.
මෙම අවස්ථාවට සංස්කෘතික කටයුතු, ආගමික හා කලා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක, ලග්ගල පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් හේමන්ත (ජා.ජ.බ.), දඹුල්ල පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් බියන්වල (ජා.ජ.බ.), නාඋල ප්‍රාදේශීය සභාවේ සභාපති සුනිල් ශාන්ත, මධ්‍යම පළාත් සංචාරක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ සඳමාලි ගමගේ, මධ්‍යම පළාත් පාලන කොමසාරිස් චමිලා අතපත්තු, මාතලේ මහ දිසාපති ප්‍රසන්න මදනායක මහත්වරු ඇතුළු පිරිසක් සහභාගි වූහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd