ඩයලොග් අධිවේගී 5G සම්බන්ධතාවෙන් බලගැන්වෙන දකුණු ආසියාවේ ප්රථම 5G Ultra eSIM MiFi රවුටරය වෙළෙඳපොළට
ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම, අධිවේගී අන්තර්ජාල පහසුකම් නව මානයකට රැගෙන යමින්, 5G eSIM මගින් භාවිත කළ හැකි, Wi-Fi 6 තාක්ෂණය රැගත්, 5G Ultra MiFi රවුටරය වෙළෙඳපොළට හඳුන්වා දී තිබේ. මෙම නවතම උපාංගයෙන්, 5G ජාලය භාවිත කරන පාරිභෝගිකයන්ට මගතොටේදී වුවත්, අන්තර්ජාල සම්බන්ධතාව වෙත සැණෙකින් පිවිස, විශ්වසනීය, අධිවේගී අත්දැකීමක් ලබාගත හැක.