ත්‍රිකුණාමලය - අමදෝරු අමරජීව 


දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ත්‍රිකුණාමල ජනතාව වෙනුවෙන් පළමු අදියර යටතේ Tokyo Cement Company (Lanka) PLC සමාගම ඉදි කරනු ලැබූ නිවාස පහක් ප්‍රතිලාභීන් වෙත භාරදීම නැගෙනහිර ආණ්ඩුකාර මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර හා Tokyo Cement Company (Lanka) PLC සමාගමේ සභාපති හර්ෂ කබ්රාල් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

මෙම නිවාස පහ මූතූර් හා වෙරුගල් යන ප්‍රදේශවල ඉදිකළ අතර Tokyo Cement Company (Lanka) PLC සමාගම මෙහි එක් නිවෙසක් සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන පහකි. මේ අතර තුන්වැනි අදියරේ සේරුවිල ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත නිවාස පහක් සඳහා මුල්ගල තැබීමද මෙහිදී සිදුකළ අතර ඒ සඳහා එක් නිවෙසකට වැය කරන මුදලද රුපියල් මිලියන පහකි.

Tokyo Cement Company (Lanka) PLC සමාගම සිදු කරනු ලබන ප්‍රජා සත්කාරක වැඩසටහන් මාලාවේ එක් කාර්යයක් ලෙස දිට්වා සුළි කුණාටුවේ නිවාස අහිමි වූවන්ට මෙම නිවාස ලබාදීම හැඳින්විය හැකිය.