S-Lon  ලංකා සමාගමේ සමූහ අධ්‍යක්ෂ හා ප්‍රධාන විධායක නිලධාරී එස්. සී. වීරසේකර මහතාගේ සංකල්පයකට අනුව, 2001 ඔක්තෝබර් 26 වැනි දින ආරම්භ කරන ලද S-Lon  ජලනළ කාර්මික සමාජය, අද වන විට දිවයින පුරා විසිරී සිටින ජලනළ කාර්මිකයන් දහස් ගණනක් එකම අරමුණක් වටා එක්කරන ශක්තිමත් වෘත්තීය සමාජයක් බවට පත්ව ඇත. සෞඛ්‍යාරක්ෂිත ජලනළ පද්ධති ප්‍රවර්ධනය කිරීම, ජල සම්පත සුරැකීම, පරිසරය හා වායුගෝලය ආරක්ෂා කිරීම මෙන්ම සෞඛ්‍ය සම්පන්න අනාගතයක් ගොඩනැගීම මෙම සංසදයේ ප්‍රධාන අරමුණු අතර වේ.
සීමිත සාමාජික පිරිසකගෙන් ආරම්භ වූ S-Lon  ජලනළ කාර්මික සමාජය, 2026 වන විට සාමාජිකයන් 15,000 සීමාව ඉක්මවා ව්‍යාප්ත වීම සුවිශේෂී ජයග්‍රහණයකි. සාමාජික කැපවීම, එකමුතුකම සහ විධිමත් නායකත්වය එහි සාර්ථකත්වයට පදනම වී ඇත. ජලනළ කාර්මිකයන්ගේ තාක්ෂණික දැනුම හා කුසලතා වර්ධනය කරමින්, ජලනළ කාර්මික ශිල්පීන් යන නාමයට වටිනාකමක් ලබාදෙමින්, ඔවුන්ගේ වෘත්තීය ගෞරවය හා මට්ටම ඉහළ නැංවීමත්, සමාජයට හා රටට ඵලදායී දායකත්වයක් ලබාදෙන වෘත්තිකයන් බිහි කිරීමත් ප්‍රධාන අරමුණු වේ.
S-Lon  ලංකා සමාගම සහ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව  එක්ව දිවයින පුරා ක්‍රියාත්මක කරන මෙම වැඩමුළු මාලාවෙන් ජලනළ කාර්මික ශිල්පීන්ගේ වෘත්තීය දැනුම, නිපුණතා හා ආකල්ප සංවර්ධනය කිරීමට දායක වේ. එමෙන්ම, NVQ 3 සහ NVQ 4 සුදුසුකම් ලබාගැනීම සඳහා වන පරීක්ෂණ සඳහා  නොමිලේ මුහුණ දීමට අවස්ථාව සලසා දීම, ජීවිත රක්ෂණාවරණ ලබාදීමට කටයුතු කිරීම සහ පස්වැනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සමත් වන ජලනළ කාර්මික ශිල්පීන්ගේ දරුවන්ට අධ්‍යාපන ශිෂ්‍යත්ව පිරිනැමීම වැනි සුවිශේෂී ප්‍රජා සත්කාරක වැඩසටහන් ද මේ හා සමගාමීව ක්‍රියාත්මක වේ. ආයතනය විසින් නවීන තාක්ෂණයෙන් යුත් උපකරණ හා මෙවලම් ජලනළ කාර්මික ශිල්පීන් වෙත ලබාදීමෙන්, ඔවුන්ගේ වෘත්තීය කාර්යක්ෂමතාව ඉහළ නැංවීමටත්, පාරිභෝගිකයන් වෙත උසස් ප්‍රමිතියෙන් යුත්, විශ්වාසනීය හා ගුණාත්මක සේවාවක් සැපයීමටත් අවස්ථාව සැලසී ඇත.
මීට පෙර ද ක්‍රියාත්මක කළ මෙම වෘත්තීය සංවර්ධන වැඩසටහනේ තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, වසර 25 ක අභිමානය සමගින් NVQ වෘත්තීය සුදුසුකම් සම්පූර්ණ කළ ජලනළ කාර්මිකයන් වෙත  සහතිකපත්‍ර පිරිනැමීමේ උත්සවය 2026 නොවැම්බර් 4 වැනි දිනS-Lon  ලංකා සමාගමේ සමූහ අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරී එස්. සී. වීරසේකර මහතාගේ සහ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් දමිත කුමාරසිංහ මහතාගේ  ප්‍රධානත්වයෙන් අති උත්කර්ෂවත් අයුරින් අනුරාධපුරයේදී පැවැත්විණි. යාපනය, කිලිනොච්චිය, අම්පාර, මඩකලපුව, මන්නාරම සහ බදුල්ල ඇතුළු ප්‍රදේශ නියෝජනය කරමින් ජලනළ කාර්මිකයන් මෙම අවස්ථාවට සහභාගී වූහ. මෙම වැඩසටහනෙන් ඔවුන්ගේ වෘත්තීය දැනුම හා කුසලතා ඇගයීමට ලක් කිරීම මෙන්ම, වෘත්තීය සුදුසුකම් තුළින් ක්ෂේත්‍රයේ ප්‍රමිති ඉහළ නැංවීමට ද වැදගත් දායකත්වයක් ලබා දෙන ලදී