Dialog Pay සමගින් ඩිජිටල් වෙළෙඳ ගනුදෙනුවලට DSI එක්වෙයි
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, Dialog Pay හරහා මෙරට ජනතාවගේ ජීවිතවලට ඩිජිටල් ගෙවීමේ ක්‍රම තව තවත් සමීප කිරීමේ සුවිශේෂී පියවරක් ලෙස, දිවයිනේ ප්‍රමුඛතම පාවහන් සහ පාරිභෝගිකයන් ප්‍රිය කරන ජීවන රටාවට අවශ්‍ය භාණ්ඩ පිරිනමන සන්නාමයක් වන DSI හා එක්ව, ශ්‍රී ලාංකීය පාරිභෝගිකයන්ට පහසුවෙන් භාණ්ඩ මිලදී ගැනීමට හැකියාව සලසා ඇති බව දැනුම් දෙයි.