කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ජාතික ශිල්ප සභාව, ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සමඟ එක්ව සංවිධානය කරනු ලබන අන්තර්ජාතික හස්ත කර්මාන්ත අලෙවි පොළ  Ceylon Crafts Trade Fair  අද (29) පස්වරුවේ කොළඹ හැව්ලොක් සිටි මෝල් හිදී ආරම්භ වෙයි. 

ශ්‍රී ලංකාව, ඉන්දියාව, නේපාලය, ඉන්දුනීසියාව, බංගලිදේශය හා තායිලන්තය යන රටවල හස්ත කර්මාන්ත ශිල්පීන් සහභාගිවන මෙම අලෙවි පොල ලබන නොවැම්බර් 01 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව ඇත.