
ශ්රී ලංකාවේ ප්රමුඛතම පෞද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව අලුත් වාහන (Brand-New) සහ ජෙනරේටර් මිලදී ගන්නා පාරිභෝගිකයන් වෙනුවෙන් ආකර්ෂණීය ලීසිං පහසුකම් සැලසීම සඳහා IDEAL Motors (පෞද්) සමාගම සමග අත්වැල් බැඳගෙන ඇත.
මෙම හවුල්කාරිත්වය හරහා විශ්වාසදායක වාහන සහ බලශක්ති විසඳුම් අපේක්ෂා කරන පුද්ගලයන්, ව්යවසායකයන් මෙන්ම ව්යාපාරිකයන් වෙත සහන රැසක් හිමි වේ. ඒ අනුව, ක්රමවත් ලීසිං පහසුකම්, සුවිශේෂී පොලී අනුපාත, නොමිලේ පිරිනමන ජීවිත රක්ෂණ ආවරණ සහ HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් වෙතින් හිමිවන සුවිශේෂී වට්ටම් රැසක් භුක්ති විඳීමේ අවස්ථාව පාරිභෝගිකයන්ට උදාවේ.
මෙම හවුල්කාරිත්වය පිළිබඳව අදහස් දක්වමින් HNB ජ්යෙෂ්ඨ උප සභාපති/ පාරිභෝගික බැංකුකරණ ප්රධානී කාංචන කරුණාගම මහතා මෙසේ පැවසුවේය. “නිවැරදි මූල්ය සහයෝගය මගින් පුද්ගලයන්ට මෙන්ම ව්යාපාරවලටත් වඩාත් විශ්වාසදායක ලෙස ඉදිරියට යා හැකි බව HNB අප විශ්වාස කරනවා.
IDEAL Motors සමග ඇති කරගත් මෙම හවුල්කාරිත්වය, වාහන සහ බලශක්ති ක්ෂේත්රයේ ආයෝජන පාරිභෝගිකයන්ට වඩාත් පහසුවෙන් ළඟා කරගත හැකි පරිදි සකස් කිරීමට අප තුළ ඇති කැපවීම හොඳින් පෙන්නුම් කරනවා. එමෙන්ම එය අපගේ පාරිභෝගිකයන්ගේ පෞද්ගලික සහ ව්යාපාරික අරමුණු සාක්ෂාත් කර ගැනීමටද දායක වෙනවා. HNB සතු මූල්ය විශේෂඥතාව සහ IDEAL Motors හි සේවා විශිෂ්ටත්වය ඒකාබද්ධ කරමින්, ශ්රී ලාංකිකයන්ගේ අරමුණු ජය ගැනීමටත්, ශක්තිමත් ආර්ථිකයක් නිර්මාණය කිරීමටත් අවශ්ය මූල්ය අවස්ථා අප සලසා දෙනවා.”
අයිඩියල් මෝටර්ස් වෙතින් වාහන මිලදී ගන්නා පාරිභෝගිකයන්ට නොමිලේ වාහන ලියාපදිංචි කරදීම ඇතුළු සුවිශේෂී ප්රතිලාභ රැසක් හිමි වේ. මීට අමතරව Bolero Maxx Pik-Up, Alfa Plus Load Carrier, Mahindra Pik-Up Single Cab, Mahindra Pik Up Double Cab සහ XUV 3XO යන වාහන මාදිලි සඳහා විශේෂ වට්ටම් ද පිරිනැමේ. මෙමගින් වාහනයක් මිලදී ගත් මොහොතේ සිට එය පරිහරණය කරන මුළු කාලය පුරාම පාරිභෝගිකයාට ඉහළ වටිනාකමක් හිමිවනු ඇත.
“HNB සම ඇති කරගත් මෙම සහයෝගීතාවෙන් පෙන්නුම් කරන්නේ, පහසු මූල්ය විසඳුම් ඔස්සේ ශ්රී ලාංකිකයන්ට ඉහළ මූල්ය ස්වාධීනත්වයක් ළඟා කර දීම වෙනුවෙන් අප ආයතන දෙකෙහිම ඒකායන අරමුණයි.
IDEAL Motors සතු ප්රවාහන හා බලශක්ති විසඳුම්, HNB හි මූල්ය විශේෂඥතාව සමග ඒකාබද්ධ කිරීමෙන් ආර්ථික ප්රගතියට සහ ප්රජා සංවර්ධනයට දායක වන අවස්ථා පාරිභෝගිකයන්ට මෙන්ම ව්යාපාරවලට උදාකර දීම අපගේ අරමුණයි.
පාරිභෝගිකයන්ට තමන්ගේ අනාගතය වෙනුවෙන් විශ්වාසයෙන් යුතුව ආයෝජනය කිරීමට මග පාදමින්, දිගුකාලීන වටිනාකමක් නිර්මාණය කිරීමේ අපගේ දැක්ම මෙම හවුල්කාරිත්වය හරහා තවදුරටත් තහවුරු වෙනවා.” යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් IDEAL Motors (පෞද්) සමාගමේ නීති සහ ආයතනික කටයුතු පිළිබඳ අධ්යක්ෂිකා නිමිෂා වෙල්ගම මහත්මිය පැවසුවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd