පළමු අදියර යටතේ රුපියල් මිලියන 17.5ක ආයෝජනයකින් වවුනියාව සහ මන්නාරම දිස්ත්රික්කවල ප්රධාන වැව් 12ක් සඳහා මත්ස්ය බාධක දැල්
උතුරු පළාතේ මිරිදිය ධීවර කර්මාන්තය යළි නගාසිටුවමින්, මත්ස්ය නිෂ්පාදනය ඉහළ නැංවීමේ අරමුණින් රුපියල් මිලියන 270ක ව්යාපෘතියක් ක්රියාත්මක කරන බව ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්යාංශයට අයත් ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය (NAQDA) පවසයි.
එම ව්යාපෘතිය යටතේ උතුරු පළාතේ මිරිදිය ධීවරයන් වෙත මත්ස්ය බාධක දැල් බෙදාදීමේ වැඩසටහනක් පසුගියදා වවුනියාව දිස්ත්රික් ලේකම් කාර්යාලයේදී පැවැත් වී තිබේ.
මෙහි පළමු අදියර යටතේ රුපියල් මිලියන 17.5ක ආයෝජනයකින් වවුනියාව සහ මන්නාරම දිස්ත්රික්කවල ප්රධාන වැව් 12ක් සඳහා මත්ස්ය බාධක දැල් ලබාදීම මෙහිදී සිදු කෙරී තිබේ.
මිරිදිය ධීවර කර්මාන්තය සඳහා වැව් හා ජලාශවලට මුදාහරින මත්ස්ය පැටවුන්, වර්ෂා සමයේදී වැව් වාන් දැමීම හේතුවෙන් පිටතට ගසාගෙන යාම වළක්වා ගැනීම මෙම බාධක දැල් යෙදීමේ ප්රධාන අරමුණය.
ඒ හරහා මත්ස්ය සම්පත ආරක්ෂා කරගනිමින් ධීවර ජනතාවගේ අස්වැන්න සහ ආදායම ඉහළ නැංවීමට ඍජු දායකත්වයක් ලැබෙන බවත් අමාත්යාංශය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd