
මුල් මාස නවයේ එම අපනයන ආදායම ඩොලර් මිලියන 1,241ක්
මේ වසරේ සැප්තැම්බර් මාසයේදී තොරතුරු තාක්ෂණය/ව්යාපාර ක්රියාවලි කළමනාකරණය (IT/BPO) ක්ෂේත්රය හරහා ලැබුණු අපනයන ආදායම එක්සත් ජනපද ඩොලර් මිලියන 123.81 ක් බව අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි.
ඒ අනුව මෙය 2025 වසරේ සැප්තැම්බර් මාසයේ වාර්තා කළ ඩොලර් මිලියන 153.18ට සාපේක්ෂව සියයට 19.15 ක අඩුවීමක් ලෙස සටහන්ව තිබේ.
මේ අතර වසරේ මුල් මාස නවය තුළදී IT/BPO ක්ෂේත්රය හරහා ලැබුණු ආදායම එක්සත් ජනපද ඩොලර් මිලියන 1,240.67 කි. එය 2025 වසරේ එම කාලසීමාවේදී වාර්තා කළ ඩොලර් මිලියන 1,196.55ට සාපේක්ෂව සියයට 3.69 ක වර්ධනයකි.
මෙම ඩොලර් මිලියන 1,241 ක ආදායමත් සමගින්ම වසර තුළ තෙවැනියට වැඩිම අපනයන ආදායමක් හිමි ක්ෂේත්රය ලෙස මෙම IT/BPO හඳුනාගෙන තිබේ.
පළමු තැන පසුවන ඇගලුම් හා රෙදිපිළි හරහා ඩොලර් මිලියන 3,784ක්ද, දෙවැනි තැන පසුවන ප්රවාහන සහ කාර්යෝපාය සේවා හරහා ඩොලර් මිලියන 1,502ක්ද ලැබී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd