
ගෘහස්ත මූල්ය වත්කම් යූරෝ බිලියන 55.6 ක් දක්වා සියයට 11 ක වර්ධනයක්
යූරෝ බිලියන 8.6 ක් දක්වා ගෘහස්ත මූල්ය වගකිම් සියයට 16.7 කින් ඉහළට
ගෘහස්ත සතු ශුද්ධ මූල්යමය වත්කම්වල වටිනාකම යූරෝ බිලියන 47.0 ක්
ජනතාවගේ ඒක පුද්ගල ශුද්ධ මූල්ය වත්කම යූරෝ 2,020 ක්
ගෘහස්ත මූල්ය වත්කම් ද.ජා.නි.යෙන් සියයට 64.3 යි , ගෘහස්ත වගකීම් සියයට 9.9 යි
භානුක අමරසිංහ
පසුගිය වසරේදී මෙරට ගෘහස්ත මූල්ය වත්කම් වර්ධනය වන වේගයට වඩා වැඩි වේගයකින් ගෘහස්ත වගකීම් වර්ධනය වීමක් පෙන්නුම් කර තිබෙන බව බහුජාතික මූල්ය සහ රක්ෂණ සමාගමක් වන Allianz සමූහය නිකුත් කළ නවතම Allianz Global Wealth Report 2026 වාර්තාව පවසයි.
ඒ අනුව 2025 වසර තුළදී ශ්රී ලංකාවේ ගෘහස්ත සතු මූල්ය ධනයේ (Household Financial Wealth) දළ වටිනාකම යූරෝ බිලියන 55.6 ක් ලෙස සටහන් වන අතර, එය 2024 වසරට සාපේක්ෂව සියයට 11 ක වර්ධනයකි.
කෙසේ වෙතත් ශ්රී ලංකාවේ ගෘහස්ත සතු වගකීම් (Household Liabilities) එම වසර තුළ යූරෝ බිලියන 8.6 ක් බවට පත්ව තිබෙන බවත් එය පෙර වසරට සාපේක්ෂව සියයට 16.7ක වේගවත් වර්ධනයක් බවත් මෙම වාර්තාව පෙන්වා දෙයි.
මෙම ගෘහස්ථ මූල්ය ධනය යනු යම් පවුලකට හෝ නිවසක සාමාජිකයන්ට හිමි මුළු මූල්ය වත්කම් (Financial Assets) වලින්, ඔවුන් ගෙවීමට ඇති මුළු මූල්ය වගකීම් හෝ ණය (Financial Liabilities) අඩු කළ විට ඉතිරි වන ශුද්ධ මූල්ය වටිනාකමයි.
මෙම තත්වයත් සමගින් පසුගිය වසරේදී මෙරට ගෘහස්ත සතු ශුද්ධ මූල්යමය වත්කම්වල වටිනාකම යූරෝ බිලියන 47.0 ක් බවට පත්ව තිබේ. ඒ අනුව ඒක පුද්ගල ශුද්ධ මූල්ය වත්කම යූරෝ 2,020 ක් බවට පත්ව තිබෙන බවත් එහි සඳහන් වෙයි
මෙලෙස ශ්රී ලංකාව තුළ ගෘහස්ත වත්කම් වර්ධනය අනුව එය ගෝලීය දර්ශකයේ 53 වැනි ස්ථානයේ පසුවන බවත්, මෙම වත්කම් වර්ධනය වසරින් වසර සියයට 10ක ප්රතිශතයක් ගන්නා බවත් වාර්තාව පවසයි.
මෙම මූල්ය වත්කම් යටතට, බැංකු තැන්පතු (ඉතුරුම් ගිණුම්, ස්ථාවර තැන්පතු (FD) සහ අතේ ඇති මුදල්), ආයෝජන (කොටස් වෙළෙඳපොළ ආයෝජන, ණයකර සහ විදේශ විනිමය), විශ්රාම වැටුප් සහ අරමුදල් (EPF, ETF සහ අනෙකුත් විශ්රාම වැටුප් අරමුදල්වල ඇති මුදල්) සහ ජීවිත රක්ෂණ (රක්ෂණ ඔප්පුවල මුදල් වටිනාකම) ඇතුළත් වෙයි.
එසේම මූල්ය වගකීම් යටතට, පුද්ගලික ණය සහ නිවාස ණය, ක්රෙඩිට් කාඩ් පත්වල ගෙවීමට ඇති හිඟ මුදල් සහ වෙනත් ඕනෑම මූල්යමය ණයගැතිභාවයක් ඇතුළත් වෙයි.
ඒ අනුව පසුගිය වසරේදී මෙරට ගෘහස්ත, සිය මූල්ය වත්කම් වර්ධනය කර ගන්නවාට වඩා වැඩි වේගයකින් වගකීම් වර්ධනය කරගෙන තිබෙන බව පෙනෙන්නට තිබේ. එහිදී මහ බැංකු පොලී අනුපාත පහත වැටීමත්, මෝටර් රථ සඳහා වන ලීසිං වෙත උනන්දුව වැඩි වීමත් හේතුව වී තිබේ. එසේම ජීවන වියදම ඉහළ යෑමත් සමගින් බොහෝ දෙනකු ණය ගැනීම් වෙත යොමු වී තිබේ.
“වත්කම් වර්ධනය සහ වගකීම් කළමනාකරණය යන කාරණා දෙකම ශක්තිමත් දිගුකාලීන මූල්ය දරා ගැනීමක් සඳහා අතිශය වැදගත්“ Allianz Global Wealth Report 2026 හි සඳහන් වෙයි.
මෙම Allianz Global Wealth Report 2026 වාර්තාවට අනුව, 2025 වසරේදී ශ්රී ලංකාවේ ගෘහස්ත සතු මූල්ය වත්කම් වර්ධනය ආසියානු කලාපය මෙන්ම ගෝලීය මට්ටමද අභිබවා වර්ධනයවීමක් ලෙස සටහන්ව තිබේ.
“ශ්රී ලංකාවේ මෙම ගෘහස්ත මූල්ය වත්කම් වර්ධනය සියයට 11ක්. නමුත් මේ සමීක්ෂණයට යොදා ගත් ජපානය සහ චීනය හැර අනෙකුත් ආසියානු රටවල මෙම වර්ධනයේ සාමාන්ය සියයට 9.8ක් වුණා. ඒ වගේම ගෝලීය වර්ධනයේ සාමාන්ය සියයට 8.6 යි. ඒ කියන්නේ ශ්රී ලංකාවේ වර්ධනය ආසියානු වෙළෙඳපොළ සාමාන්යයට වඩා සියයට 1.2 කිනුත්, ගෝලීය සාමාන්යයට වඩා සියයට 2.4 කිනුත් ඉහළින් පවතින්නේ.“
මේ අතර 2025 වසරේදී ශ්රී ලංකාව වාර්තා කළ මෙම යූරෝ බිලියන 55.6ක ගෘහස්ත මූල්ය වත්කම ප්රමාණය රටේ දළ ජාතික නිෂ්පාදිතය මෙන් සියයට 64.3කි. එසේම යූරෝ බිලියන 8.6ක් වන ගෘහස්ත වගකීම් දළ ජාතික නිෂ්පාදිතයෙන් සියයට 9.9 ක් වන බවත් වාර්තාව වැඩිදුරටත් පෙන්වා දෙයි.
ලොව පුරා රටවල් 60ක ගෘහස්ත මූල්ය වත්කම් සහ වගකීම් පිළිබඳ දත්ත යොදා ගනිමින් මෙම Allianz Global Wealth Report 2026 වාර්තාව සකස් කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd