
ත්‍රිකුණාමලය අමදෝරු අමරජීව
ජාතික තරුණ සේවා සභාව යටතේ පාලනය වන කන්තලේ තරුණ ගොවිපොළේ කෘෂි ව්‍යවසායකත්ව පාඨමාලාව හදාරන තරුණ ව්‍යවසායකයන් 40 දෙනකු වෙනුවෙන් දෙදින ක්ෂේත්‍ර පුහුණු චාරිකාවක් ගන්නෝරුව, අඹේවෙල හා පේරාදෙණිය යන ප්‍රදේශ කේන්ද්‍රගතව සිදු කෙරිණි.
අනාගතයට තරුණ ව්‍යවසායකයන් බිහිකිරීම අරමුණු ඇතිව ජාතික තරුණසේවා සභාව එක් අවුරුදු න්‍යායාත්මක පුහුණුවක් හා සය මාසික ප්‍රායෝගික පුහුණුවක් සහිත මෙම තරුණ ව්‍යවසායකයන් අනාගතයේ ජාතික ආර්ථිකයට දායකත්වයක් සැපයීම අරමුණු කරගෙන මෙම ක්ෂේත්‍ර චාරිකාව සිදුකරනු ලැබූ බව කන්තලේ තරුණ ගොවිපොළේ මධ්‍යස්ථාන භාර නිලධාරි සුනිල් රත්නායක මහතා පැවසීය.
මේ අනුව තරුණ කෘෂි ව්‍යවසායකයන්ට සිය දැනුම ප්‍රවර්ධනය කර ගැනීම සඳහා ගන්නෝරුව කෘෂිකර්ම පර්යේෂණ මධ්‍යස්ථානය, පේරාදෙණිය උද්භිද උද්‍යානය හා අඹේවෙල සත්ව ගොවිපොළේ මෙම ක්ෂේත්‍ර චාරිකාව සිදු කෙරිණි. මෙම පාඨමාලාව අවසානයේ සෑම තරුණ ව්යවසායකයකුම තමන් කැමැති ස්වයං රැකියාවක් ආරම්භ කිරීම මෙම පුහුණු පාඨමාලාවේ අවසන් අරමුණ බවද මධ්‍යස්ථාන භාර නිලධාරී සුනිල් රත්නායක මහතා වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd