ශ්රී ලංකන් රැගෙන ගිය මගීන් ගණන තවදුරටත් පහළට
ශ්රී ලංකන් ගුවන් සේවය 2025 දී සිය ගුවන් යානා හරහා සේවය සැලසූ ගුවන් මගීන් ගණන ලක්ෂ 34.6ක් (3,466,000ක්) ලෙස සටහන්ව තිබේ. ඒ අනුව මෙය 2024 දී සේවය සැලසූ ගුවන් මගීන් ලක්ෂ 36.1 (3,616,000) හා සැසඳීමේදී මගීන් 153,000ක එනම් සියයට 4.22 ක අඩුවීමකි.