
කාර්මික විශිෂ්ටත්වය සඳහා වන “CNCI Achiever Awards 2026” for Industrial Excellence සම්මානලාභීන් ඇගයීම 2026 ඔක්තෝබර් 15 වන දින කොළඹ, සිනමන් ලයිෆ් හිදී පැවැත්විණි. මෙම උත්සවය වාර්ෂිකව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය සමග එක්ව ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම කාර්මික මණ්ඩලය වන ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලය (CNCI) විසින් සංවිධානය කරනු ලබයි. ශ්‍රී ලාංකික කර්මාන්තකරුවන් ඇගයීම සහ ඔවුන්ගේ විශිෂ්ටත්වය වෙනුවෙන් ත්‍යාග පිරිනැමීම සඳහා මෙය සංවිධානය කෙරේ.
මෙම වාර්ෂික උත්සවයෙන්, නිෂ්පාදන සහ සේවා යන අංශ දෙකෙහිම කැපී පෙනෙන ජයග්‍රහණ සහ විශිෂ්ටතා දැක්වූ ශ්‍රී ලාංකික කර්මාන්තකරුවන් ඇගයීමට ලක් කරනු ලබයි.
මෙහිදී අති විශාල, විශාල, මධ්‍යම, කුඩා සහ ක්ෂුද්‍ර යන කාණ්ඩ යටතේ රන්, රිදී, ලෝකඩ සහ කුසලතා සම්මාන 129ක් පිරිනමන ලද අතර, පළාත් සහ දිස්ත්‍රික් මට්ටමින් දැක්වූ විශිෂ්ටතා ද මෙහිදී ඇගයීමට ලක් කෙරිණි.
මෙම අවස්ථාව සඳහා ප්‍රමුඛ පෙළේ කර්මාන්තකරුවන්, ජ්‍යෙෂ්ඨ රජයේ නිලධාරීන්, විදේශ තානාපතිවරුන් සහ අදාළ ක්ෂේත්‍ර නියෝජිතයන් ඇතුළු 500කට අධික පිරිසක් සහභාගී වූහ.
කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මෙම උත්සවයට එක් විය. ”අද දින ක්ෂුද්‍ර මට්ටමේ පවතින ව්‍යාපාරයක්, නිවැරදි මාවතේ ගමන් කරන්නේ නම් වසර කිහිපයක් ඇතුළත දැවැන්ත ව්‍යාපාරයක් බවට පත්විය හැකිය,” යැයි අමාත්‍යවරයා පැවසීය.
ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යවසාය (MSMEs) පුළුල් කිරීමට, නවෝත්පාදන හඳුන්වා දීමට සහ නව වෙළෙඳපොළවල් වෙත පිවිසීමට සහාය වීම සඳහා රජය විසින් නව වැඩසටහන් කඩිනමින් ක්‍රියාත්මක කරන බවට ඔහු සහතික විය.
ආරාධිත අමුත්තන් පිළිගනිමින් අදහස් දැක්වූ CNCI සභාපති ප්‍රදීප් කහවලගේ මහතා, ලංකාවේ කාර්මික සාර්ථකත්වය පිටුපස ඇති නොපසුබට උත්සාහය පිළිබඳව අවධාරණය කළේය. ‘කුඩා වැඩපොළවල් ලෙස ආරම්භ වී ජාතික මට්ටමේ දැවැන්ත ආයතන බවට පත් වූ ව්‍යාපාර සහ දේශීය නවෝත්පාදකයන් ගෝලීය පුරෝගාමීන් බවට පත් වී ඇත. ඔවුන්ගේ මෙම සාර්ථක කතාන්දර CNCI හි සැබෑ උරුමයයි,” යැයි කහවලගේ මහතා පැවසීය.
මෙම උත්සවය අති සාර්ථක කර ගැනීම සඳහා කැපවීමෙන් සහ සහයෝගය ලබා දුන් සියලු දෙනාටම හෘදයාංගම ස්තූතිය පුද කරමින්, CNCI හි මහලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) සාමන්ත වික්‍රමසේන මහතා විසින් සිදු කරන ලද ස්තූති කතාවත් සමග උත්සව කටයුතු අවසන් විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd