
- ලක්ෂ 23.8ක අවම ඉලක්කයට දිනකට සංචාරකයන් 7,868 ක් අවශ්යයි
- 2025 පැමිණි ලක්ෂ 23.6 අභිබවා යෑමට නම් සංචාරකයන් 7,675ක් බැගින් අවශ්යයි
- ඔක්තෝබරයේ මුල් දින 22 ට දෛනික සංචාරක පැමිණීම 5,446යි
- මැදපෙරදිග ගැටුම් නිසා මාර්තු අප්රේල් මාසවලදී සංචාරකයන් 84,000 ක් අහිමි වුණා
- යුරෝපය වෙත ඍ ගුවන් ගමන්, ආසියානු කලාපයේ ප්රවර්ධනය අනිවාර්යයි
ශ්රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය 2026 වසර සඳහා අලුත් කළ ලක්ෂ 26 ක සංචාරක පැමිණීමේ ඉලක්කය සාක්ෂාත් කර ගැනිමට නම්, ඔක්තෝබර් සිට දෙසැම්බර් කාලයේ සෑම දිනකදීම මෙරට වෙත සංචාරකයන් 10,802කගේ පැමිණීමක් අවශ්යව තිබෙන බව දත්ත වාර්තා පෙන්වා දෙයි.
මෙරට සංචාරක කර්මාන්තය සම්බන්ධයෙන් කොටස් තැරැව්කාර ආයතනයක් වන SenFin Securities නිකුත් කළ නවතම වාර්තාවක මේ බව සඳහන්ව තිබේ.
Sri Lanka Tourism: 2018 to Today, and What to Expect in Oct-Dec 2026 ලෙස නම් කර ඇති මෙම වාර්තාව පසුගිය ඔක්තෝබර් 15 වැනිදා වන විට ලැබී තිබූ සංචාරක පැමිණීම් දත්ත අනුව සකස් කර තිබේ.
“මේ ලක්ෂ විසිහයේ ඉලක්කයට තවත් සංචාරකයන් 831,764ක් අවශ්යයි. එය සංචාරක පැමිණීම්වල සියයට 48ක වර්ධනයක්. එය අපේ සීමාවට එහා තිබෙන්නක්.’’
මේ අතර 2026 වසරේ අවම සංචාරක ඉලක්කය වන සංචාරකයන් ලක්ෂ 23.8ක් සඳහා දිනකට සංචාරකයන් 7,868 කගේ පැමිණීකමක් අවශ්යව තිබෙන බවත්, 2025 වසරේ සංචාරක පැමිණීම වූ ලක්ෂ 23.6 අභිබවා යෑමට නම් ඉදිරි කාලයේදී දෛනිකව සංචාරකයන් 7,675ක් බැගින් පැමිණිය යුතුව තිබෙන බවත්,
සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ අලුත්ම වාර්තාවට අනුවද මේ වසරේ ජනවාරි මාසයේ සිට ඔක්තෝබර් 22 දක්වා පැමිණ ඇති සංචාරකයන් සංඛ්යාව 1,813,484ක් ලෙස සටහන්ව තිබේ. මාසය තුළ පැමිණි සංඛ්යාව 119,805ක් වන අතර, එහි දිනක සංචාරක පැමිණීම් 5,446කි.
කෙසේ වෙතත් ලක්ෂ 26ක ඉලක්කය සම්පූර්ණ වීමට නම් ඉතිරි දින 70 ක කාලයේදී මෙරට වෙත 786,516 ක සංචාරක පැමිණීමක් අවශ්යව තිබේ. මෙය දිනකට සංචාරකයන් 11,235ක අවශ්යතාවකි.
“2025 හොඳම මාසය වුණු දෙසැම්බරයේදීත් දිනකට පැමිණියේ සංචාරකයන් 8,353ක් පමණයි. පසුගිය වසරේ සිව්වැනි කාර්තුවේදී දෛනික සංචාරක පැමිණීම් 7,290 ක් වුණා. ඒ නිසා මේ වසරේ එම කාලසීමාවේදී එය බොහෝ දුරට දෛනික සංචාරකයන් 7,498ක් වේවි කියලා අපි පුරෝකථනය කරනවා. “SenFin Securities සඳහන් කරයි.
මේ අතර 2026 වසර ආරම්භයේදී සංචාරක සංවර්ධන අධිකාරියේ සැබෑ ඉලක්කය ලෙස පැවැති සංචාරකයන් ලක්ෂ 30ක පිරිස සඳහා ඉදිරි කාලසීමාවේදී දෛනිකව සංචාරකයන් 15,954 ක පැමිණීමක් (සියයට 65ක වර්ධනයක්) සහ නිල ඉලක්කය වූ සංචාරකයන් ලක්ෂ 27ක් සඳහා දෛනිකව සංචාරකයන් 12,058 ක් (සියයට 119ක වර්ධනයක්) අවශ්ය වන බවත් මෙම වාර්තාව පෙන්වා දෙයි. එහෙත් මෙම ඉලක්ක දෙකම අද වනවිට අත්හැර දමා තිබේ.
“පෙබරවාරි ඇති වූ මැදපෙරදිග අර්බුදය මේ ඉලක්කය පහත හෙළුවා. 2025 ට සාපේක්ෂව මේ වසරේ මාර්තු - අප්රේල් මාසවලදී සංචාරකයන් 84,000 ක් අහිමි වුණා. ඒ පරතරය කවදාවත් පිරවුණේ නෑ. ඒ නිසා සැප්තැම්බර් මාසය අවසන් වනවිට ලක්ෂ 27 ඉලක්කයෙන් 297,000 ක් පසුපසින් හිටියේ. ඒ වගේම ලක්ෂ 30ක ඉලක්කයෙන් 529,000 ක් පසුපසින්. වඩාත් කාර්යබහුල කාලසීමාවේ පවා මේ 297,000ත් 529,000ත් අතර පරතරය පුරවන්න හැකියාවක් නැහැ.“
ඒ අනුව අඩුම තරමින් 2025 වසරේ සංචාරක පැමිණීම වූ ලක්ෂ 23.6 අභිබවා, මේ වසරේදී ලක්ෂ 23.8ක් හෝ ඊට වැඩි සංචාරක පැමිණීමක් සඳහා අවධානය යොමු කළ යුතු කරුණු සහ කළ යුතු දේ පිළිබඳවද SenFin Securities සිය වාර්තාව හරහා පෙන්වා දී තිබේ.
එහිදී මෙරටට පැමිණෙන සංචාරකයන් පස් දෙනකුගෙන් එක් අයකු පැමිණෙන ගල්ෆ් කලාපයේ දෝහා, ඩුබායි සහ අබුඩාබි යන ගුවන් තොටුපොළ වෙත අවධානය යොමු කිරීම වැදගත් බව ඔවුන් පවසයි. එසේම නොවැම්බර් මාසය පුරා දෛනික සංචාරක පැමිණීම ආසන්නව 7,100 කට වඩා වැඩි අගයකින් පවත්වාගෙන යාමත් වැදගත්ය.
විශේෂයෙන්ම ජර්මානු සහ එක්සත් රාජධානියේ සතිපතා සංචාරක පැමිණීම් වෙත අවධානය යොමු කළ යුතුව ඇති බවත්, ඔක්තෝබර් මුල් සතියේදී එම පැමිණීම් සියයට 22 කින් සහ සියයට 12කින් පහළ වැටී ඇති බවත් ඔවුන් පෙන්වා දෙයි. මීට අමතරව ඔක්තෝබරයේ මුල් දින 15ට පැමිණි සංචාරකයන්ගෙන් සියයට 38ක් වූ ඉන්දියානු සංචාරකයන්ගේ ඉල්ලුම වෙත අවධානය යොමු කරන ලෙසත් ඔවුන් පවසයි.
“ඒ වගේම සිදු කළ යුතු කරුණු අතර, ගල්ෆ් කලාපය මගහරිමින් ක්රියාත්මක ඍජු ගුවන් ගමන් වෙත යොමු විය යුතුයි. ඒ අතරතුරදීම ආසියානු කලාපයේ ඉන්දියාව, චීනය, ඔස්ට්රේලියාව සහ ජපානය තුළ ප්රවර්ධන සිදු කිරීම වැදගත්. මන්ද එම වෙළෙඳපොළ සියයට 11ත් සියයට 40ත් අතර අගයකින් වර්ධනය වෙනවා. ඒ වගේම ශීත ඍතු සමයේදී නැවතත් යුරෝපියානු වෙළෙඳපොළ දිනා ගැනීම අවශ්යයි. සංචාරකයන් වැඩි කාලයක් මෙරට රැඳී සිටින, ඉහළ වටිනාකමක් ගන්නා සංචාරකයන් ගෙන්වා ගත යුතුයි.’’
විශේෂයෙන්ම ලක්ෂ 23.8 ක ඉලක්කය වෙත යාමට නම් තමන්ගේ පුරෝකථනයටත් වඩා සංචාරකයන් 29,000 ක් අවශ්ය බව පෙන්වා දෙන SenFin Securities, එය දිනකට තවත් අමතර සංචාරකයන් 370ක් බවත් පෙන්වා දෙයි.
කෙසේ වෙතත් ගල්ෆ් කලාපය සාමකාමී වුවහොත්, රුසියානු සහ යුරෝපියානු ගුවන් යානා පිරුණොත් සහ ඉන්දියානු සංචාරක පැමිණීම් සියයට 40ක් දක්වා ඉහළ ගියහොත් තත්වය වඩාත් යහපත් වන බවත් ඔවුන් වැඩිදුරටත් සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd