- මෙම මගී ඩ්රෝන යානය විදුලියෙන් ක්රියාත්මක සිරස් ගුවන් ගත වීමේ සහ ගොඩබෑමේ (eVTOL) තාක්ෂණයකින් යුක්තයි
මෙරට වෙත අලුතින් හඳුන්වාදීමට නියමිතව මගී ඩ්රෝන සේවයේ තාක්ෂණය පිළිබඳ ආදර්ශනයක් ලබන නොවැම්බර් 11 වැනිදා කොළඹ වරාය නගරයේදී පැවැත්වීමට චීනයේ EHang Holdings සමාගම සූදානමින් සිටින බව පවසයි.
එම සමාමෙහි නිලධාරීන් පසුගියදා ආරක්ෂක අමාත්යාංශයේදී සිය සැලසුම් පිළිබඳව අදහස් දැක්වූ අවස්ථාවේදී මෙම කරුණු අනාවරණය කර තිබේ. මෙම අවස්ථාව සඳහා ආරක්ෂක අමාත්යාංශයේ ලේකම් විශ්රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියාකොන්තා මහතා සහ සිවිල් ගුවන් සේවා අධිකාරියේ ජ්යෙෂ්ට නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගිවී තිබේ.
මෙම මගී ඩ්රෝන යානය විදුලියෙන් ක්රියාත්මක සිරස් ගුවන් ගත වීමේ සහ ගොඩබෑමේ (eVTOL) තාක්ෂණයකින් යුක්තය. මෙම ක්රමය හරහා නාගරික ගුවන් ප්රවාහනය, සංචාරක කර්මාන්තය සහ සැපයුම් සේවා යනාදිය නවීනගම ගුවන් සේවා අනුව යමින් දියුණු වනු ඇතැයි අදහස වී තිබේ.
විශේෂයෙන්ම සංචාරක කර්මාන්තය වෙත ලබා දෙන නවතම ගුවන් ප්රවාහන අත්දැකීම් හරහා දේශීය මෙන්ම විදෙස් සංචාරකයන් තුළ මේ කෙරෙහි වැඩි ආකර්ෂණයක් ඇති වනු ඇතැයි අපේක්ෂාව වී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd