- 2006 - 2016 කාලයේදී අලුතින් 256,000ක පිරිසක් එකතු වෙලා
- 2016 වසරින් පසුව අලුතින් එක්වූ පිරිස 46,543ක්
- අර්ධ රාජ්ය සේවක පංගුව සියයට 18.8 ක් දක්වා පහළට
1994 වසරේ සිට 2024 වසර දක්වා ගත වූ වසර 30ක කාලයේදී මෙරට රාජ්ය සහ අර්ධ රාජ්ය සේවකයන් සංඛ්යාව සියයට 56ක ප්රතිශතයකින් වර්ධනය වී තිබෙන බව වාර්තා වෙයි.
ජන ලේඛන හා සංඛ්යාලේඛන දෙපාර්තමේන්තුව 2024 වසර සඳහා සිදුකළ රාජ්ය සේවක සංගණනයේ දත්ත යොදා ගනිමින් publicfinance.lk විසින් සකස් කළ දත්ත සටහනක් තුළ මෙම කරුණු ඇතුළත්ව තිබේ.
ඒ අනුව 2024 වසර වන විට සිටින රාජ්ය සේවකයන් සංඛ්යාව 1,156,237ක් ලෙස සටහන් වන අතර, එය 1994 වසරේ සිටි 740,000 හා සැසඳීමේදී සියයට 56.2 ක වර්ධනයකි.
කෙසේ වෙතත් publicfinance.lk පෙන්වා දෙන ආකාරයට නිල ඇඳුම්ලත් ත්රිවිධ හමුදා සාමාජිකයන්ද සමගින් 2024 වසරේ සමස්ත රාජ්ය සේවකයන් සංඛ්යාව 1,359,242ක් ලෙස සටහන් වන අතර, ඒ අනුව එය 1994 වසරේදී මෙරට සිටි රජයේ සේවකයන් ගණන හා සැසඳීමේදී සියයයට 83.6ක වර්ධනයකි.
මේ අතර, එම දත්ත සටහනට අනුව 1980 වසරේ සිටි 597,380ක පිරිසේ සිට 2024 වසරේ 1,156,018ක් දක්වා සියයට 93.5 ක වර්ධනයක් පෙන්නුම් කර තිබේ.
2006 වසරේ සිට 2016 වසර දක්වා වසර 10ක කාලය තුළදී පමණක් 256,000 කට අධික පිරිසක් රාජ්ය සේවය වෙත එක්ව තිබෙන බවත් මෙම වාර්තාව පෙන්වා දෙයි.
එසේම 2016 වසරේ සිට 2024 දක්වා වසර අටක කාලයේදී රාජ්ය සේවය වෙත අලුතින් එක් වූ පිරිස 46,543 ක් වෙයි. එය වසරකට සියයට 0.5 ක වර්ධනයක් ලෙස සටහන් ව ඇති අතර, 2002-2006 කාලසීමාව 1990 වසරෙන් පසුව අඩුම වර්ධනයක් පෙන්නුම් කළ අවස්ථාව ලෙසත් සැලකෙයි.
මේ අතර 2024 වසර වන විට මෙරට සමස්ත රාජ්ය සේවකයන්ගෙන් අර්ධ - රාජ්ය සේවකයන්ගේ පංගුව සියයට 18.8ක් ලෙස සටහන්ව තිබේ.
එය 1985 වසරේ පැවැති ඉහළම ප්රතිශතය වූ සියයට 44.3ට සාපේක්ෂව කැපී පෙනෙන අඩුවිමක් බවත් Publickfinance.lk වැඩිදුරටත් පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd