ලෝක වෙළෙඳ පොළේ බොරතෙල් බැරලයක මිල ඊයේ (25) දිනයේදී තවදුරටත් ඉහළ අගයක පැවතුණි. ඒ අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල එක්සත් ජනපද ඩොලර් 116.72ක් ලෙස සටහන් වූ අතර වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියේට් (WTI) බැරලයක මිල ඩොලර් 103.34ක් ලෙස සටහන් විය.

මේ අතර පසුගිය සිකුරාදා (23) වනවිට බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 117 ඉක්මවා ගිය අතර, පසුගිය අප්‍රේල් මාසයට පසුව බොරතෙල් බැරලයක මිල එම අගය ඉක්මවූ පළමු අවස්ථාවද මෙය විය. වසරේ මෙතෙක් ඉහළම බොරතෙල් මිල ලෙස මාර්තු මාසය මුලදී බොරතෙල් බැරලයක් ඩොලර් 120ක අගයකට පත්විය.

තමන්ට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපදය අලුතින් ප්‍රහාර එල්ල කළහොත් මැදපෙරදිග කලාපයේ පිහිටි ඉන්ධන පරිශ්‍ර සහ සාගර අභ්‍යන්තර කේබල් පද්ධතිය වෙත ප්‍රහාර එල්ල කරන බවට ඉරානය තර්ජන එල්ල කිරිමත් සමගින් මෙලෙස බොරතෙල් මිල ඉහළ යාම සිදු විය.