ත්‍රිකුණාමලය අමදෝරු අමරජීව 


කන්තලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරී වසම් කේන්ද්‍රීය නව ව්‍යවසායකයන් බිහිකිරීමේ අරමුණ ඇතිව ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය විසින් “Business Creation” නමින් දෙදින පුහුණු වැඩමුළුවක් ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී  පැවැත්වුණි.

ප්‍රාදේශීය ලේකම් එම්.ඒ.ඩී.ස්වර්ණා පෙරේරා මහත්මියගේ මග පෙන්වීම යටතේ නව ව්‍යවසායකයන් බිහිකිරීම සඳහා පැවැත්වූ මෙම වැඩමුළුව ත්‍රිකුණාමල දිසාපති කාර්යාලීය කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ ව්‍යවසායකත්ව සංවර්ධන නිලධාරිණි ඩබ්.එන්. උදයංගනී මහත්මිය විසින් සම්පත් දායකත්වය සපයනු ලැබීය.

තමන්ගේම ව්‍යාපාරයක් සාර්ථකව ආරම්භ කිරීම, පවත්වාගෙන යෑම හා මග පෙන්වීම මේ තුළින්  සිදුකෙරිණි. ප්‍රායෝගික හා න්‍යායාත්මක අන්තර්ගතයන් මෙම වැඩමුළුවට ඇතුළත් වී තිබීම විශේෂත්වයකි.