• මිශ්‍රණය ග්‍රෙගරිවැව පරිශ්‍රයේදී

නෝර්වුඩ් රංජිත් රාජපක්ෂ


නුවරඑළිය අරලිය හෝටල් සමූහයට අයත් නුවරඑළිය නගරයේ පිහිටි හෝටල් 3නම එක්ව එළැඹෙන නත්තල් උත්සවයට නුවරඑළියට පැමිණෙන සංචාරකයන්ට පිළිගැන්වීමට කිලෝ 500ක නත්තල් කේක් මිශ්‍රණය සැකසීම නුවරඑළිය ග්‍රෙගරිවැව පරිශ්‍රයේදී ඉකුත්දා සිදු කෙරිණි.

නුවරඑළිය අරලිය ග්‍රීන් හීල්ස්, නුවරඑළිය අරලිය ග්‍රීන් සිටි සහ නුවරඑළිය අරලිය රෙඞ් යන සංචාරක හෝටල් 3 පාලන අධිකාරිය, කාර්ය මණ්ඩලය සහ සූපවේදින් එක්ව මෙම උත්සවය සංවිධානය කර තිබුණි.

නුවරඑළිය අරලිය හෝටල් තුනේ සිට කේක් මිශ්‍රණය අලංකාරවත් පෙළපාළියකින් ග්‍රෙගරිවැව පරිශ්‍රයට ගෙනඑනු ලැබීය.

මෙම කේක් මිශ්‍රණය කිරීමට දෙස් විදෙස් සංචාරකයන් ඇතුළු විශාල පිරිසක් එක් වූ අතර, මෙම කේක් ගෙඩිය 2026 දෙසැම්බර් මස 24 දින මධ්‍යම රාත්‍රීයේ සංචාරකයන්ට රස බැලීමට අවස්ථාව ලබා දෙන බව අරලිය හෝටල් සමුහයේ සාමාන්‍යාධිකාරි දිනේෂ් ලොකුයද්දිගේ මහතා කීය.

මෙම කේක් මිශ්‍රණයට කේක් නිෂ්පාදනය සඳහා භාවිත කරන අධික මිල ඇති ද්‍රව්‍ය 25ක් යොදා ගත් බව අරලිය හෝටල් සමූහයේ ප්‍රධාන සූපවේදි සංජුව ප්‍රේමතුංග මහතා කියා සිටියේය.