කරන්දෙණිය එම්.සුසිල් ප්රියන්ත සහ පිටිගල ඩී.ජේ.විජේසිංහ
පුරා වසර දහතුනක් තිස්සේ ඇල්පිටිය ජනතාවට සේවය කළ ඇල්පිටිය කොමර්ෂල් ක්රෙඩිට් ශාඛාව වඩාත් පහසුකම් සහිත නව නිවහනකට ගෙවැදීමේ උත්සවයක් කොමර්ෂල් ක්රෙඩිට් ගාල්ල ශාඛාවේ කළමනාකරු ජනිත සම්පත් මහතාගේ ප්රධානත්වයෙන් පැවැත්විණ.
ඇල්පිටිය කොමර්ෂල් ක්රෙඩිට් ශාඛාවේ කළමනාකරු ලක්ප්රිය ද සිල්වා මහතා ඇතුළු එම ආයතනයේ සේවක, සේවිකාවන් විසින් මේ උත්සවය සංවිධානය කරන ලදි.
එම අවස්ථාවට ඇල්පිටිය ප්රාදේශීය සභාවේ හිටපු උප සභාපති හා ප්රකට ව්යාපාරික රංජිත් මහගොඩගේ, කොමර්ෂල් ක්රෙඩිට් සමාගමේ ප්රාදේශීය කළමනාකරු ඉයන් ශම්මි, අලෙවි කළමනාකරු මෙල්වින් පොලොක්ස් යන මහත්වරුන් එම ආයතනයේ සේවක, සේවිකාවන් ගනදෙනුකරුවන් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගී වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd