
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම යුරෝපීය නානකාමර සහ මුළුතැන්ගෙයි උපාංග සපයන්නා වනAccess Lifestyle” සුඛෝපභෝගී අභ්‍යන්තර අලංකරණ අත්දැකීම්වල ප්‍රමිතිය උසස් කරමින් සහ නිර්මාණශීලිත්වය හා නවෝත්පාදනයේ පෙරමුණේ පසුවන තම සුවිශේෂී ස්ථානය නැවත තහවුරු කරමින් සිය ප්‍රදර්ශනාගාරය අලුත් මුහුණුවරකින් එළිදක්වා ඇත.
Access Lifestyle Private Limited සමාගම ශ්‍රී ලංකාවේ උසස් පෙළේ ගොඩනැගිලි අභ්‍යන්තර අලංකරණ ක්ෂේත්රයේ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් සිය නැවත ප්‍රතිනිර්මාණය කරන ලද ප්‍රදර්ශනාගාරය විවෘත කළේය. මෙම පරිවර්තනය දිවයින තුළ සුඛෝපභෝගී නානකාමර සහ මුළුතැන්ගෙයි උපාංග සඳහා ප්‍රමිති ස්ථාපනය කළ සමාගමක නව පරිච්ඡේදයක් සනිටුහන් කරන අතර, ශ්‍රී ලාංකේය නිවාස සහ ව්‍යාපෘති වෙත ගෝලීය මට්ටමේ අභ්‍යන්තර අලංකරණ මෝස්තර අත්දැකීම් සමීප කිරීමේ ප්‍රබල, අනාගතවාදී කැපවීම ප්‍රදර්ශනය කරයි.
1998 වසරේදී ආරම්භ කරන ලද Access Lifestyle ආයතනය, Duravit, Hansgrohe සහCucine LUBE ඇතුළු ජාත්‍යන්තරව ඇගයීමට ලක්වූ යුරෝපීය සන්නාමයන් සමග වසර 25 කට වැඩි කාලයක් පුරා ගොඩනගාගෙන ඇති ශක්තිමත් සබඳතා මත පදනම්ව, ගෝලීය මට්ටමේ උසස්ම නිෂ්පාදන සොයන ගෘහ නිර්මාණ ශිල්පීන්, ගෘහ අලංකරණ ශිල්පීන්, දේපළ සංවර්ධකයන් සහ පාරිභෝගිකයන්ගේ පළමු තේරීම බවට පත්ව ඇත. නවීකරණය කරන ලද ප්‍රදර්ශනාගාරය එම විශ්වාසනීයත්වය තවත් උසස් තලයකට ගෙන යයි.
“මෙම ප්‍රදර්ශනාගාරය හුදෙක් අලෙවිසලක් පමණක් නොවේ. එය අපගේ දැක්ම නිරූපණය කරන සුවිශේෂී සන්ධිස්ථානයකි. අප නියෝජනය කරන ලෝකප්‍රකට සන්නාමවලට සහ අපගේ පාරිභෝගිකයන්ට ගැළපෙන පරිසරයක් නිර්මාණය කිරීමට අප ආයෝජනය කර ඇත්තෙමු. අපගේ අරමුණ වූයේ ජාත්‍යන්තර මට්ටමේ හොඳම අභ්‍යන්තර සැලසුම් ශ්‍රී ලංකාවට ගෙන ඒමයි. මෙම පරිවර්තනය එම දැක්මේ විශිෂ්ටතම ප්රතිඵලයයි. Access Lifestyle Private Limited හි නියෝජ්‍ය කළමනාකාර අධ්යක්ෂ, අයේෂ් ප්‍රනාන්දු මහතා මෙම අවස්ථාවට එක් වෙමින් කියා සිටියේය.
නවීකරණය කරන ලද ප්‍රදර්ශනාගාරයේ නිර්මාණය කරන ලද නානකාමර සංකල්ප (Bathroom Concepts) 21 කට අධික සංඛ්‍යාවක් අඩංගු වන අතර, විවිධාංගීකරණය වූ නිර්මාණ එකතුවක් ප්‍රදර්ශනය කෙරේ. මෙහි ඇති සුවිශේෂී පිරිනැමීම වන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට හඳුන්වා දෙන නව පරම්පරාවක සේවාලාභීන් උදෙසා අලුතින්ම ප්රතිකල්පනය කරන ලද සජීවී ස්නාන අත්දැකීමයි (Live Shower Experience)එමගින් ගෘහ නිර්මාණ ශිල්පීන්ට, අභ්‍යන්තර අලංකරණ ශිල්පීන්ට සහ නිවෙස් හිමියන්ට නානකාමර විසඳුම් හුදෙක් නිරීක්ෂණයෙන් ඔබ්බට ගොස් සැබෑ සොයාගැනීමක් හරහා, අතින් ස්පර්ශ කර විඳගත හැකි සුවිශේෂී ප්‍රායෝගික අත්විඳීමකට සහ තෝරා ගැනීමකට අවස්ථාව සැලසේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd