කරන්දෙණිය එම්. සුසිල් ප්රියන්ත
බෙන්තොට Cinnamon Bentota Beach – Signature Selection හෝටලයේ සිය හෝටලයේ ලැගුම් ගෙන සිටින දෙස්, විදෙස් සංචාරකයන්ට නවමු අත්දැකීමක් ලබාදීමේ අරමුණින් නත්තල් කේක් ගෙඩියක් සෑදීමේ උත්සවයක් ඔක්තෝම්බර් මස 22 වැනිදා පස්වරුවේදී ආරම්භ කළේය.
දෙස් විදෙස් සංචාරකයන්ගේ සහභාගිත්වයෙන් මේ උත්සවය සංවිධානය කර තිබිණ.
එම සියලුම අවස්ථා සඳහා එම හෝටලයේ ලැගුම් ගෙන සිටි දෙස් විදෙස් සංචාරකයන්ද ඊට සහභාගි කරවා ගැනීමට හෝටල් කළමනාකාරීත්වය පියවර ගෙන තිබීම විශේෂයෙන්ම කැපී පෙනිණි.
ශ්රී ලාංකික සංස්කෘතිකාංගවලින් සමන්විත වූ නැටුම් ගැයුම් රැසක්ම මේ උත්සවයට එක් කර තිබූ අතර එම හෝටලයේ ලැගුම් ගෙන සිටි දෙස් විදෙස් සංචාරකයන් එම අවස්ථාවට එක්ව සිටියේ දැඩි ආශාවකිනි.
කිලෝ තුන්සීයක බරකින් යුත් නත්තල් කේක් ගෙඩියක් සෑදීම සඳහා මෙදින වැඩකටයුතු ආරම්භ කෙරුණු අතර එම හෝටල් සේවකයන් සහ සංචාරකයන් නත්තල් සීයලා මෙන් සැරසී මේ අවස්ථාවට සහභාගීවී සිටීම ද විශේෂත්වයකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd