සම්පත් බැංකුව පසුගියදා කොළඹ කොටස් හුවමාරුවේදී නිකුත් කළ රුපියල් බිලියන 10ක් වටිනා ණයකර නිකුතුව වෙත රුපියල් බිලියන 12.2ක් වටිනා ඉල්ලු‍ම් පත්‍ර ලැබී ඇතැයි පවසයි. 

ඒ අනුව බැංකු කෙටුම්පත් සහ චෙක් පත් හරහා, RTGS  හුවමාරු කිරිම් සහ බැංකු ඇපකර යනාදී එකිනෙකට වෙනස් ක්‍රම හරහා Type A  සහ Type B කාණ්ඩ දෙක වෙත ඉදිරිපත් අයැදුම්පත් 31 ක් හරහා මෙම මිලදී ගැනීම සිදුව තිබේ. 

ඒ අනුව ණයකරය නිකුත් කළ දිනයේදීම එය අධි දායකත්වයක් සහිතව අවසන් කිරීමට බැංකුව කටයුතු කළේය. මෙය බාසෙල් III  අනුකූල, අදියර 2, ලැයිස්තුගත, වර්ගකෙරුණු, සුරක්ෂිත නොවූ, උප ප්‍රධාන, පිරිමුදවා ගත හැකි වසර පහකින් සහ හතකින් කල් පිරෙන ණයකර ලෙස නිකුත් කෙරිණි.