දේශීය හා ගෝලීය අධ්‍යාපනික - වෘත්තීය අවස්ථාවලට දොරටු විවර කරන EDEX Mid-Year Expo 2026
ලංකාවේ ප්‍රමුඛතම අධ්‍යාපන සහ රැකියා ප්‍රදර්ශනය වන EDEX Mid-Year Expo 2026, එළැඹෙන සැප්තැම්බර් 5 සහ 6 යන දිනවල කොළඹ BMICH හිදී නැවතත් පැවැත්වීමට කටයුතු යොදා ඇත. අධ්‍යාපන ආයතන, සේවා යෝජකයන් සහ ජාත්‍යන්තර ප්‍රදර්ශකයන් එකම වහලක් යටට ගෙන එන මෙම ප්‍රදර්ශනය, සිසුන්ට, රැකියා අපේක්ෂකයන්ට සහ වෘත්තිකයන්ට තම අනාගතය පිළිබඳ නිවැරදි තීරණ ගැනීමට අසමසම අවස්ථාවක් සලසා දෙයි.