ත්‍රිකුණාමලය - අමදෝරු අමරජීව 

සමෘද්ධි ජාතික සවිබල ගැන්වීමේ වැඩසටහන - 2026 යටතේ කන්තලේ කොට්ඨාසයේ තෝරාගත් අන්ත දුගී අඩු ආදායම්ලාභී පවුල් 40 ක නව ජීවනෝපාය මාර්ග ඇති කරමින් ස්වයංරැකියා සඳහා සංකේතාත්මකව ස්වයංරැකියා උපකරණ බෙදාදීම කන්තලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී සිදු කෙරිණි.

ප්‍රාදේශීය ලේකම් එම්. ඒ. ඩී. ස්වර්ණා පෙරේරා මහත්මියගේ මගපෙන්වීම යටතේ විදේශ රැකියා හා විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උපකරණ බෙදාදීම කන්තලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල රැස්වීම් ශාලාවේදී සිදු කරන ලදී.

සමෘද්ධි හා අස්වැසුම ප්‍රතිලාභීන් සවිබල ගන්වමින් එම ප්‍රතිලාභීන්ගේ ජීවන තත්වය උසස් කර නව ජීවනෝපාය මාර්ගයකට අවතීර්ණ කරවමින් ජාතික ආර්ථිකයට දායකත්වයක් ඇති කිරීමේ අරමුණු ඇතිව මෙම උපකරණ බෙදාදීම සිදු කෙරිණි. එක් ප්‍රතිලාභියකු වෙනුවෙන් රුපියල් 150,000/- ක උපරිමයකට යටත්ව ප්‍රතිලාභීන් සඳහා මෙම උපකරණ බෙදාදීම සිදුකළ අතර මෙම අවස්ථාවට ත්‍රිකුණාමල දිසාපති කාර්යාලයේ සුළු ව්‍යාපාර අංශයේ සහකාර අධ්‍යක්ෂ එන්. ප්‍රගලාවන් මහතා ද එක්විය.