
මෙරට පාරිභෝගිකයන්ට ටොයෝටා වාහන සහ කාර්මික යන්ත්‍රෝපකරණ වඩාත් පහසුවෙන් මෙන්ම සහනදායී ලෙස මිලදී ගැනීමට දැන් අවස්ථාව හිමි වී ඇත. ඒ සඳහා හැටන් නැෂනල් බැංකුව සහ ටොයෝටා ලංකා පෞද්. සමාගම සිය දිගුකාලීන හවුල්කාරිත්වය යළිත් වරක් අලුත් කර තිබේ.
මෙම හවුල්කාරිත්වය යටතේ ටොයෝටා මගී වාහන වන Lite Ace වෑන් සහ ට්‍රක් රථ, ටෙයෝටා Forklifts, ටොයෝටා Hino වාණිජ රථ ඇතුළු ටොයෝටා සන්නාමයට අයත් සියලුම වාහන සහ යන්ත්‍රෝපකරණ මිලදී ගත හැකිය. මේ සඳහා දීප ව්‍යාප්ත HNB පාරිභෝගික ඒකක ඔස්සේ නම්‍යශීලී මූල්‍ය විසඳුම් සමගින් සුවිශේෂී ප්රතිලාභ රැසක් පාරිභෝගිකයන්ට හිමි වේ.
මෙම විශේෂ වැඩපිළිවෙළ යටතේ මගී මෝටර් රථ මිලදී ගන්නා පාරිභෝගිකයන් වෙනුවෙන්ම සුවිශේෂී පොලී අනුපාත හඳුන්වා දී ඇත. මීට අමතරව, පාරිභෝගික අවශ්‍යතා අනුව සකස් කළ ලීසිං (structured leases) ක්‍රමවේද යටතේ ලියාපදිංචි නොකළ වාහන සඳහා විශේෂ සහන මෙන්ම නම්‍යශීලී අවශේෂ වටිනාකම් (residual value) විකල්පද හිමි වේ. ඒ අනුව සුදුසුකම් ලබන පාරිභෝගිකයන්ට සියයට 50 දක්වා ඉහළ අවශේෂ වටිනාකමක් සහිතව මෙම ලීසිං පහසුකම් ලබාගත හැකිය.
මෙම හවුල්කාරීත්වය පිළිබඳව අදහස් දක්වමින් HNB කළමනාකාර අධ්යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී දමිත් පල්ලේවත්ත මහතා මෙසේ සඳහන් කළේය. “අපගේ මූලිකම අරමුණ වන්නේ පාරිභෝගිකයන්ට උපරිම මූල්‍ය නිදහසක් සලසාලමින්, වාහන හිමිකාරිත්වය වඩාත් පහසු සහ සහනදායී අත්දැකීමක් බවට පත් කිරීමයි. මෙම සුවිශේෂී සබඳතාව ඔස්සේ නම්‍යශීලී මූල්‍ය ක්‍රමවේද මෙන්ම ප්‍රායෝගික ප්රතිලාභ රැසක් එකම වහලක් යටින් පාරිභෝගිකයා වෙත සමීප කෙරෙනවා. ඒ නිසා තම පෞද්ගලික අවශ්‍යතාවලට හෝ ව්‍යාපාරික දියුණුව වෙනුවෙන් වාහන සහ යන්ත්‍රෝපකරණ මිලදී ගැනීමට බලාපොරොත්තු වන පාරිභෝගිකයන්ට ඉහළ විශ්වාසයකින් යුතුව තමන්ට වඩාත්ම ගැලපෙන හොඳම විකල්ප තෝරා ගැනීමට මින් අවස්ථාව ලැබෙනවා.”
මෙම හවුල්කාරිත්වයෙන් පාරිභෝගිකයන්ට ලැබෙන වටිනාකම තවත් ඉහළ නංවමින්, පළමු වසරේ වාර්ෂික ගාස්තුවෙන් නිදහස් කළ නොමිලේ පිරිනමන HNB ක්‍රෙඩිට් කාඩ්පතක් ද මෙහිදී හිමි වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd