කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත
මේ වනවිට ටින් මාළු ආනයනය මුළුමනින්ම පාහේ නතරවී ඇති බව ධීවර නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා කියයි. මීට පෙර ටින් මාළු ආනයනය සියයට 99ක්ව තිබුණු බවත් දේශීයව ටින් මාළු නිෂ්පාදනය කළේ සියයට එකක් පමණ බවද රත්න ගමගේ මහතා කීවේය.
මේ තත්වය උඩුයටිකුරු කරමින් දැන් ටින් මාළු ආනයනය කරන්නේ සියයට එකක පමණ සුළු ප්‍රමාණයක් බවත් එයත් ළඟදීම නතරවනු ඇති බවත් ඒ මහතා කීය.
මෙරටට අවශ්‍ය ටින් මාළු අපේ රටේම නිෂ්පාදනය කිරීම මේ වනවිට ආරම්භ වී ඇති බවත් ඒ කාර්යය සඳහා ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය සුවිශේෂී මෙහෙවරක යෙදී සිටින බවත් රත්න ගමගේ මහතා කීවේය.
ධීවර නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා මේ බව අනාවරණය කළේ හික්කඩුව දොඩන්දූවේ පැවති වැඩසටහනකදීය.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ රත්න ගමගේ මහතා මෙරට ධීවර කර්මාන්තය සම්බන්ධයෙන්ද මෙසේ පැවසීය.
“අපේ රටේ කරවල නිෂ්පාදනය පිළිබඳව සතුටු වෙන්න බැහැ. කරවල කර්මාන්තය කඩා වැටිලා. ඒ නිසා මෙරට කරවල කර්මාන්තය දියුණු කිරීමට මේ දිනවල වැඩ කටයුතු කරගෙන යනවා.
පාඩු ලබමින් තිබූ ධීවර සංස්ථාවේ සේවකයන්ගේ පාරිතෝෂික දීමනා අර්ථසාධක අරමුදල් වසර විසිපහකින් ලබා දී තිබුණේ නැහැ. එහෙත් 2026 අයවැයෙන් සියලුම සේවකයන්ට එය ලබා දුන්නා.
පසුගියදා ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කච්චතිව් දූපත ආශ්රිත ධීවර කටයුතුවල යෙදීම සඳහා අවසර තියෙන්නෙ ශ්‍රී ලාංකික ධීවරයන්ට කියලා තිබුණා. එය ශ්‍රී ලංකාවේ ධීවර ප්‍රජාවට හොඳ අවස්ථාවක්.” යැයි ද රත්න ගමගේ මහතා මෙහිදී අදහස් දක්වමින් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd