කරන්දෙණිය – එම්. සුසිල් ප්‍රියන්ත


ලංකාව පුරා තැඹිලි ගම්මාන 250ක් පිහිටුවීමේ වැඩසටහනට සමගාමීව අම්බලන්ගොඩ කොබෙයිතුඩුව ගම්මානය තැඹිලි ගම්මානයක් කරලීමේ උත්සවයක් නියෝජ්‍ය අමාත්‍ය නලීන් හේවගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

මේ උත්සවයේ සමාරම්භක අවස්ථාව අම්බලන්ගොඩ කොබෙයිතුඩුව ජගත් ධම්මික මහතාගේ ඉඩමේදී පැවැත්විණ.

පොල් සංවර්ධන මණ්ඩලයේ ගාල්ල ප්‍රාදේශීය කළමනාකරු එච්. ජී. හේමන්ත, ව්‍යාප්ති නිලධාරී එල්. එන්. එම්. දේදුනු, අම්බලන්ගොඩ කොට්ඨාසයේ පොල් සංවර්ධන නිලධාරී ඒ.පී. විජේසේකර යන මහත්ම, මහත්මීන් හා සංවර්ධන නිලධාරීන්ගේ සංවිධානයෙන් යුතුව පැවති මේ අවස්ථාවට ගාලු‍ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත පෙරේරා, අම්බලන්ගොඩ නගරාධිපති අසේල ගොඩහේවා, අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභා මන්ත්‍රී චාන්දනී තුෂාරි, අම්බලන්ගොඩ සහකාර ප්‍රාදේශීය ලේකම් සමන් හෙන්දහේවා යන මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය නිලධාරීහු මෙම වැඩසටහනට සහභාගී වූහ.