
දෙරට අතර සිදුවන වාණිජ හා වෙළෙඳ කටයුතු සඳහා මූල්ය පහසුකම් සැපයීමේ DFCC බැංකුවේ ධාරිතාව තවදුරටත් වර්ධනය කිරීමක්
ශ්රී ලංකාව සහ ඉන්දියාව අතර ද්විපාර්ශ්වික වෙෙළඳ සබඳතා සක්රීය ලෙස ප්රවර්ධනය කරමින්, DFCC බැංකුව ඉන්දියානු අපනයන-ආනයන බැංකුව (India Exim Bank) සමග ප්රධාන වෙළෙඳ ණය ගිවිසුමකට එළැඹ ඇතැයි පවසයි.
ඉන්දියා Exim බැංකුවේ වෙළෙඳ උපකාරක වැඩසටහන යටතේ සිදු කෙරුණු මෙම ගිවිසුම මගින් දෙරට අතර සිදුවන වාණිජ හා වෙළෙඳ කටයුතු සඳහා මූල්ය පහසුකම් සැපයීමේ DFCC බැංකුවේ ධාරිතාව තවදුරටත් වර්ධනය වන බව බැංකුව සඳහන් කරයි.
මෙම ගිවිසුම සඳහා DFCC බැංකුවේ අධ්යක්ෂ සහ විධායක නිලධාරී තිමල් පෙරේරා, එම බැංකුවේ භාණ්ඩාගාර සහ ආයෝජන බැංකුකරණය පිළිබඳ ජ්යෙෂ්ඨ උප සභාපති ප්රින්ස් පෙරේරා සහ ඉන්දියා Exim බැංකුවේ සාමාන්යාධිකාරී ශෛලේෂ් ප්රසාද් යන මහත්වරුන් අත්සන් තබා තිබේ.
ශ්රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ ආර්ථික හා වාණිජ කටයුතු පිළිබඳ උපදේශක දේවිකා ලාල් මහත්මිය ද මෙම අවස්ථාවට එක්ව සිට ඇත.
ඉන්දියා Exim බැංකුවේ වෙළෙඳ උපකාරක වැඩසටහන යටතේ ශ්රී ලාංකේය බැංකුවක් සහ එම බැංකුව අතර එළැඹි ප්රථම ප්රධාන වෙළෙඳ ණය ගිවිසුම මෙය වීම විශේෂත්වයකි.
මෙම වැඩසටහනෙන් වෙළෙඳ උපකරණ (Trade Instruments) සඳහා ණය තහවුරු කිරීමේ (Credit Enhancement) පහසුකම් සපයනු ලබන අතර, එමගින් වෙළෙඳ සීමා පවතින ඉන්දීය වෙළෙඳපොළවල් වෙත කෙරෙන දේශසීමා හරහා සිදුවන ගනුදෙනු සඳහා සක්රීයව දායක වීමට DFCC බැංකුවට මගපෑදේ.
ඉන්දියා Exim බැංකුව හරහා හිමිවන මෙම වෙළෙඳ මූල්ය අරමුදල් සබඳතාව නිසා, වඩාත් තරගකාරී කෙටිකාලීන අරමුදල් සම්පාදනය කිරීමටත්, දේශසීමා හරහා සිදුවන වෙළෙඳ ගනුදෙනු පහසු කිරීමටත්, ඉන්දීය ව්යාපාරික පාර්ශව සමග කටයුතු කරන ශ්රී ලාංකික ව්යාපාර සඳහා ශක්තිමත් මූල්ය සහයක් ලබාදීමටත් DFCC බැංකුවට හැකියාව ලැබෙනු ඇතැයි පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd