
මහජන බැංකුව, ශ්‍රී ලාංකිය ඩිජිටල් බැංකුකරණයේ නව මං සලකුණක් තබමින්, සිය People’s Pay - Mobile wallet app යෙදවුම හරහා කොටස් වෙළෙඳපොළ ගනුදෙනු, ආයෝජන හා සියලු බැංකු කටයුතු කිරීමේ පහසුකම් සැලසීමට Lanka Securities (Pvt) Ltd (LSL) සමග අත්වැල් බැඳගනී.
දේශීය වෙළෙඳපොළේ ගනුදෙනුකරුවන්ට බැංකු සේවා සහ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු යන ද්විත්වයම එකම ඩිජිටල් වේදිකාවක් හරහා බාධාවකින් තොරව ලබාගැනීමේ හැකියාව ලබාදෙන ප්‍රථම අවස්ථාව මෙය වීම විශේෂත්වයකි.
මෙම නව හඳුන්වාදීමත් සමග, ‘People’s Pay’ භාවිත කරන්නන්ට දැන් එකම යෙදවුමක් හරහා තම බැංකු ගිණුම් සහ CDS ගිණුම් අතර මුදල් හුවමාරු කර ගැනීමට, නව CDS ගිණුම් විවෘත කිරීමට, බැංකු ගිණුම් ශේෂයට අමතරව තම ආයෝජන පිළිබඳ තොරතුරු පරීක්ෂා කිරීමට සහ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ඉතාමත් පහසුවෙන් කළමනාකරණය කර ගැනීමටත් හැකියාව සැලසේ.
මෙම වැඩසටහන නිල වශයෙන් දියත් කිරීම පසුගියදා කොළඹ 02 ‘පීපල්ස් ටවර්’ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. මෙම අවස්ථාවට මහජන බැංකුවේ සභාපති චන්දන ගුණියන්ගොඩ, ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඩී.බී.පී.එච්. දිසාබණ්ඩාර, මහජන බැංකුවේ අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයන් වන ගිලියන් එඩ්වඩ්ස්, ආචාර්ය ගිෂාන් ඉලංගකෝන්, ප්‍රධාන විධායක නිලධාරී/ සාමාන්‍යාධිකාරී ක්ලයිව් ෆොන්සේකා, කොළඹ කොටස් හුවමාරුවේ සභාපති දිමුත් අබේසේකර, ප්‍රධාන විධායක නිලධාරී රජීව බණ්ඩාරනායක, Lanka Securities (Pvt) Ltd හි ආයතනයේ කළමනාකාර අධ්යක්ෂ කෝසල ගමගේ යන මහත්ම මහත්මීන්, බැංකුවේ ආයතනික හා විධායක කළමනාකාරිත්වය, ආයතනික නායකයන්, බැංකු හා ප්‍රාග්ධන වෙළෙඳපොළේ ප්‍රමුඛයන්, විශේෂ ආරාධිත අමුත්තන් සහ නිලධාරීහු සහභාගි වූහ.
මේ පිළිබඳව අදහස් දැක්වූ මහජන බැංකුවේ සභාපති චන්දන ගුණියන්ගොඩ මහතා මෙසේ පැවසීය. “මහජන බැංකුව නිරන්තරයෙන්ම ජාතික, ආර්ථික වැදගත්කමකින් යුත් වැඩසටහන්වලදී පෙරමුණ ගෙන කටයුතු කරනවා. රජයේ ඩිජිටල්කරණ වැඩපිළිවෙළට සමගාමීව අර්ථවත්, ප්‍රායෝගික සහ ඒකාබද්ධ විසඳුමක් හඳුන්වාදීමෙන්, රටේ ඩිජිටල් ගමනට නායකත්වය දීමට තමන් සතු හැකියාව සහ කැපවීම මහජන බැංකුව විසින් නැවත වරක් තහවුරු කර තිබෙනවා. මෙම පියවර සියලුම ශ්‍රී ලාංකිකයන්ට පහසුවෙන් ප්‍රවේශ විය හැකි සහ එහි ප්රතිලාභ අත්විඳිය හැකි ඩිජිටල් ආර්ථිකයක් ගොඩනැගීමට මනා පිටුවහලක් වනු ඇති.”
මේ පිළිබඳ අදහස් දැක්වූ මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී ක්ලයිව් ෆොන්සේකා මහතා මෙසේ පැවසීය. “මෙය ශ්‍රී ලංකාවේ ඩිජිටල් බැංකුකරණ ක්ෂේත්රය පරිවර්තනය කිරීම සඳහා වන අප ගමන්මගේ සුවිශේෂ පියවරක්. ශ්‍රී ලංකා සුරැකුම්පත් ආයතනය සමග ඇති කරගත් මෙම හවුල්කාරිත්වයෙන් ගනුදෙනුකරුවන්ගේ පහසුව පමණක් නොව, ඒකාබද්ධ විසඳුම් හරහා ඔවුන්ව මූල්‍යමය වශයෙන් සවිබල ගැන්වීමට අප තුළ ඇති කැපවීම වඩාත් තහවුරු වෙනවා.”
මෙම සහයෝගිතාවෙන් ආයතන සහ ගනුදෙනුකරුවන් යන දෙපිරිසටම ප්රතිලාභ හිමිවේ. මහජන බැංකුව වශයෙන් ගත් කල, ඒකාබද්ධ වෙළෙඳ ක්‍රියාකාරකම් තුළින් ලැබෙන ආදායම් කොටස හරහා නව ආදායම් ප්‍රවාහයක් විවෘත වන අතර, එමගින් බැංකුවේ වෙළෙඳපොළ ස්ථාවරත්වය තවත් ශක්තිමත් වනු ඇත.
එමෙන්ම ගනුදෙනුකරුවන්ට කොටස් ආයෝජන, ඉහළ ද්‍රවශීලතාව, ආයෝජන විවිධාංගීකරණය සහ ඔවුන්ගේ ජංගම දුරකථන හරහා කොළඹ කොටස් වෙළෙඳපොළට ඍජුවම ප්‍රවේශ වීමේ හැකියාව ලැබේ. තවද, Lanka Securities Pvt Ltd (LSL) හි CDS ගිණුමක් නොමැති People’s Pay පරිශීලකයන්ට එම යෙදවුම හරහා ගිණුමක් විවෘත කර, ඔවුන්ගේ කොටස් වෙළෙඳපොළ කටයුතු බාධාවකින් තොරව ආරම්භ කළ හැක.
මේ පිළිබඳ අදහස් දැක්වූ ශ්‍රී ලංකා සුරැකුම්පත් (පෞද්ගලික) සමාගමේ කළමනාකාර අධ්යක්ෂ කෝසල ගමගේ මහතා මෙසේ පැවසීය. “මහජන බැංකුව වැනි විශ්වාසනිය ආයතනයක් සමග අත්වැල් බැඳගැනීමට හැකිවීම පිළිබඳව අපි සතුටට පත් වෙනවා. අපගේ ඒකාබද්ධ ශක්තීන් හා හැකියාව සමගින් පහසුව, විනිවිදභාවය සහ නව අවස්ථාවලින් සමන්විත පුළුල් මූල්‍ය පද්ධතියක් නිර්මාණය වනු ඇති අතර, ඒ හරහා දහස් ගණනක් වූ ශ්‍රී ලාංකිකයන්ට කොටස් වෙළෙඳපොළ ආයෝජන සඳහා ප්‍රවේශ වීමේ අවස්ථාව සැලසෙනු ඇත.”
Lanka Securities Pvt Ltd සතු ශක්තිමත් වෙළෙඳපොළ සහ පර්යේෂණ හැකියාව මෙන්ම, මහජන බැංකුව සතු පුළුල් ගනුදෙනුකාර පදනම සහ ඩිජිටල් බැංකුකරණයෙන් බලගැන්වෙන මෙම ඒකාබද්ධ කිරීමෙන් ඒකාබද්ධ ආයෝජන නිෂ්පාදන, මූල්‍ය සාක්ෂරතාව ඉහළ නැංවීමේ අධ්‍යාපනික මෙවලම් සහ තත්‍ය කාලීන ආයෝජන එකතුව කළමනාකරණ යන විශේෂාංග ඇතුළු තවත් මූල්‍ය නවෝත්පාදන රැසක් සඳහා මූලික පදනම නිර්මාණය වී ඇත.
1989 වසරේදී ආරම්භ කරන ලද Lanka Securities Pvt Ltd සමාගම, කොළඹ කොටස් වෙළෙඳපොළ බලපත්‍රලාභී සාමාජිකයකු මෙන්ම ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ කොටස් තැරැව්කාර සමාගමකි. ක්‍රියාකාරී සහ පළපුරුදු අලෙවි කණ්ඩායමකින් සමන්විත මෙම සමාගම, දේශීය හා විදේශීය මෙන්ම සිල්ලර, ඉහළ වත්කම් හිමි සහ ආයතනික ගනුදෙනුකරුවන් වෙත පෞද්ගලීකරණය කළ සහ නව්‍ය ආයෝජන විසඳුම් ලබා දෙයි. ලංකා බැංකුව, ශ්‍රී ලංකා මර්චන්ට් බැංකුව සහ ෆස්ට් කැපිටල් සිකියුරිටීස් කොපරේෂන් (පාකිස්ථානය) යන සමාගම්වලින් සමන්විත Lanka Securities Pvt Ltd සමාගම, එහි කොටස් හිමිකරුවන් සතු ශක්තිමත් ආයතනික මූල්‍ය විශේෂඥතාවේ සහාය ලබන අති නවීන තොරතුරු තාක්ෂණ යටිතල පහසුකම් සහ පුළුල් පර්යේෂණ අංශයකින් සමන්විත, පූර්ණ ඒකාබද්ධ වෙළෙඳ අත්දැකීමක් ගනුදෙනුකරුවන්ට පිරිනමයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd