කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත හෝටල් සමාගමක් වන බේරුවල රිසෝට්ස් පීඑල්සී සමාගම සිය මව් සමාගම වන කලම්බු ෆෝර්ට් හොටේල්ස් ලිමිටඩ් සමාගමෙන් රුපියල් මිලියන 300 ක ණයක් ලබාගත් බව පවසයි.

මෙහිදී AWPLR+2.5% ක පොලී අනුපාතයකට මෙම ණය මුදල ලබාගෙන තිබේ.

සිය The Palms හෝටලයේ සිදු කරන අලු‍ත්වැඩියා කටයුතු සඳහා මෙම මුදල් යොදවාගන්නා බව සමාගම පවසයි. මීට පෙරත් බේරුවල රිසෝට්ස් පීඑල්සී සමාගම මෙම හෝටලයේ අලු‍ත්වැඩියාව සඳහා අවශ්‍ය මුදල් රැස් කරගැනීම වෙනුවෙන් රුපියල් මිලියන 398 ක් වටිනා හිමිකම් නිකුතුවක්ද කොළඹ කොටස් හුවමාරුව තුළ නිකුත් කරන බව සඳහන් කර තිබුණි.