
- පසුගිය වසරේ ලැබුණු ගෙඩි මිලියන 2,806 ට සාපේක්ෂව සියයට 9 ක වර්ධනයක්
- මුල් මාස හයේදී ලැබුණු ඵලදාව ගෙඩි මිලියන 1,747 ක්
මෙම වසරේ ජනවාරි සිට දෙසැම්බර් දක්වා කාලය තුළ පොල් ඵලදාව ගෙඩි මිලියන 3,047 ± ගෙඩි මිලියන 37ක් වනු ඇතැයි පුරෝකතනය කරන බව ශ්රී ලංකා පොල් පර්යේෂණ ආයතනය පවසයි. අදාළ කාලසිමාව සඳහා වන පොල් ඵලදාවේ පුරෝකථන වාර්තාව ඉදිරිපත් කරමින් එම ආයතනය මෙම කරුණු සඳහන් කර සිටියි. ඒ අනුව මෙය 2025 වසර තුළ හිමි වූ ගෙඩි මිලියන 2,806 ට සාපේක්ෂව සියයට 9 ක වර්ධනයක් වනු ඇතැයිද ඔවුන් පවසයි.
2026 අගෝස්තු 31 වැනිදා දක්වා එකතු කරගත් පොල් ඵලදාව පිළිබඳ දත්ත අනුව මෙම පුරෝකථනය ඉදිරිපත් කර තිබේ. ඒ අනුව මෙම වසරේ ජනවාරි සිට ජූනි දක්වා මුල් මාස හය තුළ පොල් ඵලදාව ගෙඩි මිලියන 1,747ක් ලෙස සටහන් වන අතර, එය 2025 එම කාලසීමාවේදී වාර්තා කළ ගෙඩි මිලියන 1,343 ට සාපේක්ෂව සියයට 30ක වර්ධනයකි.
කෙසේ වෙතත් මේ වසරේ මුල් මාස හයේ වාර්තා වූ පොල් ඵලදාව පොල් පර්යේෂණ ආයතනය මගින් පුරෝකථනය කර තිබූ පොල් ගෙඩි මිලියන 1,759 ±ගෙඩි මිලියන 41 ට සාපේෂව සියයට 1ක අඩුවීමක් ලෙසද සටහන්ව තිබේ.
මේ අතර 2025 පෙබරවාරි සහ මාර්තු අතර කාලයේදී ලැබුණු වර්ෂාපතනය මේ වසරේ මෙතෙක් ලැබුණු පොල් ඵලදාව සඳහා සහයෝගයක් ලබාදුන් බවත් පොල් පර්යේෂණ ආයතනය පවසයි.
කෙසේ වෙතත් ඉදිරි මාස හය සඳහා වන පොල් ඵලදාව පිළිබඳ පුරෝකථන 2026 වසරේ එම කාලසීමාවේදී හිමි වූ ඵලදාවට සාපේක්ෂව අඩු අගයක් ගන්නා බවත් මෙහිදී පුරෝකථනය කෙරී තිබේ. ඒ අනුව ජූලි - අගෝස්තු මාසයවලදී එය පොල් ගෙඩි මිලියන 508 ක සිට මිලියන 481 ක් දක්වා සියයට 5 කින්ද, සැප්තැම්බර් - ඔක්තෝබර් ගෙඩි මිලියන 480 ක සිට මිලියන 459 ක් දක්වා සියයට 4 කින්ද, නොවැම්බර් - දෙසැම්බර් ගෙඩි මිලියන 475 සිට මිලියන 348ක් දක්වා සියයට 27 කින්ද පහත වැටෙනු ඇතැයි පුරෝකථනය කෙරී තිබේ.
මෙහිදී විශේෂයෙන්ම 2026 පෙබරවාරි - අප්රේල් කාලසීමාවේදී වාර්තා වූ වියළි කාලගුණික තත්වයත් සමගින් වැඩි වශයෙන් නොමේරූ පොල් ගෙඩි ඇතිවීමකට හේතුවනු ඇති බවත්, එය සැප්තැම්බර් - ඔක්තෝබර් සහ නොවැම්බර් - දෙසැම්බර් පොල් ඵලදාව වෙත මෙලෙස බලපානු ඇති බවත් සඳහන් කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd