ඊයේ (19) දිනයේදී කොළඹ කොටස් හුවමාරුවේ ගනුදෙනු අවසානයේදී දෛනික පිරිවැටුම රුපියල් මිලියන 680ක් ලෙස සටහන් විය. ඒ අනුව වසරේ මේ දක්වා කාලය තුළ දෛනික පිරිවැටුම රුපියල් මිලියන 700 ට වඩා අඩු වූ දෙවැනි අවස්ථාව ලෙසින්ද මෙය සැලකෙයි.

පසුගිය සැප්තැම්බර් 28 වැනිදා එම පිරිවැටුම රුපියල් මිලියන 595.97 ක් ලෙස සටහන් වූ අතර, එය 2024 වසරින් පසුව වාර්තා වූ අඩුම පිරිවැටුම විය. එසේම පසුගිය ජූලි 06 වැනිදා එම දෛනික පිරිවැටුම රුපියල් මිලියන 722 ක් ලෙස සටහන් විය. කොටස් වෙළෙඳපොළ ගනුදෙනු සඳහා ආයෝජක සහභාගිත්වය අඩුවීම මෙලෙස පිරිවැටුම අඩුවීමට හේතු වෙයි. 

ආසන්න ඉතිහාසය තුළ කොළඹ කොටස් හුවමාරුව තුළ අඩුම පිරිවැටුම වාර්තා වී ඇත්තේ 2009 වසරේ අප්‍රේල් 28 වැනිදාය. එය රුපියල් මිලියන 64.3 ක් ලෙස සටහන්ව ඇත. එසේම 2019 ජනවාරි 04 වැනිදා රුපියල් මිලියන 68.8 ක පිරිවැටුමක් වාර්තා විය.