- සියයට 89.80ක උද්ධමනයක් සහිතව ඉරානය පළමු ස්ථානයේ පසුවෙයි
ආසියානු කලාපයේ රටවල් අතරින් නවවැනියට වැඩිම උද්ධමනයක් සහිත රට ලෙස ශ්රී ලංකාව ස්ථානගත වන බව වාර්තා සඳහන් කරයි. සියයට 8.10 ක ආසන්නතම උද්ධමන අගයත් සමගින් ශ්රීලංකාව මෙම ස්ථානයේ පසුවෙයි.
සියයට 89.80ක උද්ධමනයක් සහිතව ඉරානය මෙම ලැයිස්තුවෙහි පළමු ස්ථානයේ පසුවෙයි. දෙවැනි තැන පසුවන සිරියාවේ උද්ධමනය සියයට 24.80 ක් ලෙසත්, තෙවැනි තැන පසුවන ලෙබනනයේ උද්ධමනය සියයට 16.66ක් ලෙසත් සටහන්ව ඇත.
සිව්වැනි තැන පසුවන මොන්ගෝලියාවේ සහ පස්වැනි තැන පසුවන කිර්ගිස්තානයේ උද්ධමන අගය පිළිවෙලින් සියයට 12.90ක් සහ සියයට 12.20 ක් ලෙසත් සඳහන්ව තිබේ. හය වැනි ස්ථානයේ පසුවන පාකිස්තානයේ උද්ධමනය සියයට 10.26 කි.
මීට අමතරව සියයට 9.30ක උද්ධමනයක් සමගින් කසකස්තානය හත්වැනි ස්ථානයේද, සියයට 8.34ක් සමගින් බංග්ලාදේශය අටවැනි ස්ථානයේද පසුවෙයි. දහවැනි ස්ථානයේ පසුවන ඇෆ්ගනිස්තානයේ උද්ධමනය සියයට 7.80 ක් ලෙස සටහන්ව ඇත.
නේපාලය මෙම ලැයිස්තුවේ 14 වැනි ස්ථානයේ පසුවන අතර එරට උද්ධමනය සියයට 6.34 කි. ඉන්දියාව සියයට 5.54 ක උද්ධමනයක් සමගින් 15 වැනි තැන පසුවෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd