
- මුල් මාස 09 තේ නිෂ්පාදනය කිලෝ මිලියන 193ක් දක්වා සියයට 3 කින් පහළට
සැප්තැම්බර් මාසයේදී තේ නිෂ්පාදනය කිලෝ මිලියන 20.28 ක් ලෙස සටහන්ව තිබේ. මෙය 2025 සැප්තැම්බර් මාසයේදී වාර්තා වූ තේ කිලෝ මිලියන 22.18 ට සාපේක්ෂව කිලෝ මිලියන 1.90 ක එනම් සියයට 8.58ක අඩුවීමක් බව තේ වෙන්දේසි ආයතනයක් වන Forbes & Walker පවසයි.
මෙහිදී 2025 වසරේ සැප්තැම්බර් මාසයට සාපේක්ෂව පහත් වගා බිම් තේ හැර අනෙකුත් සියලුම වගා බිම් තේ නිෂ්පාදනය කැපී පෙනෙන ලෙස අඩුවීමක් සටහන්ව තිබේ.
ඒ අනුව උස් වගා බිම් තේ නිෂ්පාදනය කිලෝ මිලියන 4.85 ක සිට 3.40ක් දක්වා සියයට 29.79 කින්ද, මැදි වගා බිම් තේ කිලෝ මිලියන 4.07 ක සිට 3.0 ක් දක්වා සියයට 26.33 කින්ද, හරිත තේ නිෂ්පාදනය කිලෝ 188,406 ක සිට කිලෝ 178,109 ක් දක්වා සියයට 5.47 කින්ද අඩු වී තිබේ.
පහත් වගා බිම් තේ නිෂ්පාදනය කිලෝ මිලියන 13.06 ක සිට කිලෝ මිලියන 13.69 ක් දක්වා සියයට 4.77 ක වැඩිවීමක් සටහන්ව ඇත.
මේ අතර වසරේ ජනවාරි සිට සැප්තැම්බර් දක්වා මුල් මාස නවය තුළදී මෙරට තේ නිෂ්පාදනය කිලෝ මිලියන 192.62ක් වන බව Forbes & Walker පවසයි. මෙය 2025 වසරේ වාර්තා වූ කිලෝ මිලියන 199.16 ට සාපේක්ෂව කිලෝ මිලියන 6.54 ක එනම් සියයට 3.28 ක අඩුවීමකි.
මෙහිදී 2025 වසරේ එම කාලසීමාවට සාපේක්ෂව හරිත තේ හැර අනෙකුත් සියලුම වගා බිම්වල තේ නිෂ්පාදනය පහත වැටී තිබීමත් විශේෂත්වයකි. ඒ අනුව උස් වගා බිම් තේ කිලෝ මිලියන 42.14 ක සිට 40.78 ක් දක්වා සියයට 3.22 කින්ද, මැදි වගා බිම් තේ කිලෝ මිලියන 35.79ක සිට 32.75ක් දක්වා සියයට 8.50 කින්ද, පහත් වගා බිම් තේ නිෂ්පාදනය කිලෝ මිලියන 119.42ක සිට 117.16ක් දක්වා සියයට 1.89 කින්ද පහත වැටී තිබේ.
එහෙත් හරිත තේ නිෂ්පාදනය කිලෝ මිලියන 1.80 ක සිට 1.92ක් දක්වා සියයට 6.75 කින් ඉහළ ගොස් ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd